වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
උතුරු කොරියාව සිය න්‍යෂ්ටික යුද අවිතොග අත්හැරීමට සූදානම් බව එරට නායක කිම් ජොන්ග් උන් තමාට පෞද්ගලිකව දැනුම් දුන් බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ප්‍රකාශ කරයි.
උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් හමු වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වනුයේ ද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලබන 12 වැනිදා සිංගප්පූරුවේදී උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් හමු වීමට නියමිතය.
එහිදි උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ දිගු දුර මිසයිල වැඩසටහන් නැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිතය.
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු කොරියා දැනටමත් පොරොන්දු වී තිබේ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමය අවශ්‍යනම් යුද්දෙට සැරසෙන්න" කියන කියමන අමතක කොරන්න එපා.