මධ්‍යම නයිජීරියාවේ නසරවා පළාතේ ආගමික කල්ලියකට අයත් තුවක්කුකරුවන් පිරිසක් ඊයේ(9* එරට පොලිස් නිලධාරීන් 23 දෙනෙක් වෙඩි තබා ඝාතනය කළහ.

ඔම්බට්සේ නමැති ආගමික කල්ලියකට අයත් පිරිසක් පොලිස් නිලධාරීන් 60 දෙනෙක් ඉලක්ක කරගෙන මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට අමතරව  තවත් පොලිස් නිලධාරීන් 17 දෙනෙක් අතුරුදන්ව ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි. 

පවිටු කි‍්‍රයාවන්ගෙන් සමාජය ගලවා ගන්නා බව පවසමින් ආගමික ප‍්‍රචාරක කටයුතුවල නිරත පිරිසක් ලෙස ඔම්බට්සේ ආගමික කණ්ඩායම සැලකේ. මෑතකාලීනව ඊට අයත් පිරිස් නයිජීරියාව තුළ ප‍්‍රචණ්ඩකි‍්‍රයා රැසක් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

ඔම්බට්සේ සාමාජිකයන් හා ආගමික කල්ලියේ නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප‍්‍රදේශයට ආරක්ෂක අංශ යවා ඇතැයි නයිජීරියා රජය සඳහන් කරයි.