නයිජීරියාවේ උතුරු ප්‍රදේශයේ යෝලා නගරයේ වෙළඳ සැළක පිපිරීමකින් 32ක් මියගොස් 80 ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයින් පවසා ඇත්තේ තුවාල කරුවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවයි. මෙම පිපිිරීම සිදුවීමට දින හතරකට පෙර නයිජීරියානු ජනාධිපති බුහාරි මහතා යෝලා නගරයේ සංචාරයක නිරතවූයේය. බෝකෝ හරාම් සංවිධානය මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි සැක කරන බව නයිජීරියානු රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම වර්ෂයේ යෝලා නගරයේ සිදුවූ දෙවැනි පිරීම මෙයයි. පසුගිය සති කිහිපය පුරා අසල්වැසි නගර වන චැඩ්, නයිජර් හා කැමරූන් නගරවලද පිපිරීම් සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd