නේපාලයේ ඇනපුරානා පළාතේ පෙරේදා (6) රාති‍්‍රයේ හටගත් හදිසි ජල ගැලීම්වලට පුද්ගලයෝ 60 දෙනෙක් බිලිවූහ. ජල ගැලීම්වලට හසුවීමෙන් 43 දෙනෙක් අතුරුදන් වූහ. අතුරුදන් වූවන් අතර යුක්රේන ජාතික සංචාරකයන් තිදෙනකු ද සිටින බව වාර්තා වේ. ජල ගැලීම් ඇතිවූයේ සෙටී නමැති ගංගාව පිටාර ගැලීමේනි. පොකාරා නගරය මේ වනවිට මුළුමනින්ම ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. පොකාරා යනු සංචාරක නගරයකි. හිමාල කන්ද මෙන්ම ඇනපුරානා කන්ද ද තරණය කිරීමට ද පැමිණෙන විදෙස් සංචාරකයන් රැුඳී සිටින්නේ මෙම නගරයේය. අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු දිගටම කි‍්‍රයාත්මක අතර, ඒ සඳහා සුනඛයන් පනහකට වැඩි ගණනකගේ සහාය ද ලබා ගෙන ඇතැයි දිවි ගලවා ගැනීමේ නිලධාරීහු පවසති.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයක්ම හදිසියෙන් තමයි එන්නේ. අපි සෝදිස්සියෙන් හිටියොත් හරි.