නේපාලයේ කත්මණ්ඩු අගනුවරට නැගෙනහිරින් සිදුවූ නායයෑමකින් දහස් ගණනක් නිවාස බිමට ම සමතලා වී විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ නායයෑමෙන් සන්කොෂි ගංඟාව අවහිර වී ඇති බවත් ගඟ පිටාරගැලීම හේතුවෙත් තවත් දහස් සංඛ්‍යාත පිරිස් අවතැන්ව සිටින බවත් දැනගන්නට ඇත. එරට බලධාරින් පවසන්නේ ගඟ අවහිර වූ පස් ඉවත්කිරීමට හමුදාව යොදවා ඇති බවයි. මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත ගණනය කිරීම අපහසු වී ඇති බව ද බලධාරීන් කියයි. අද උදෑසන වනවිට සොයාගැනීමට හැකි වි ඇත්තේ සිරුරු අටක් පමණි. 

ටිබෙට් වෙත යන අධිවේගී මාර්ගය වසා දමා ඇති අතර සම්පූර්ණ ප්‍රදේශය ම නායයෑම් අවදානම් කලාපයක් ලෙස නම්කැර ඇත. සෑම වසරක ම ජූලි අගෝස්තු මාසවල දි මෝසම් වැස්සෙන් ඇතිවන ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් නේපාලයේ සිය ගණනක් මියයති. 

neppal (2) neppal (3)  neppal (5) neppal (6) neppal (7) neppal (8)