නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් වෙනුවෙන් එක්ව ස්ථීරව කැපවී කටයුතු කරන බව ඉන්දීය සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරු අද නැවත වරක් අවධාරණය කළහ.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ජපානයට ගොස් සිටින අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජපාන අමාත්‍ය ටකේෂි ඉවායා හමුවිය.
එහිදි අමාත්‍යවරුන් දෙදෙනා ඉන්දු ශාන්තිකර කලාපය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් උදෙසා කැපවී නොසැලී කටයුතු කරන බව අමාත්‍යවරු දෙදෙනා අවධාරණය කළහ.
කොරියානු අර්ධද්වීපයේ සහ දකුණු චීන මුහුදු සම්බන්ධයෙන් තිබෙන මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඉන්දු ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතභේදාත්මක සහ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඉන්දීය සහ ජපාන විදෙස් සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ අමාත්‍ය හමුව පැවැත්වීමට කටයුතු යොදන බව ද දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු සහතික වූහ.
ඉන්දු ශාන්තිකර කලාපයේ සාමය සහ සෞභාග්‍ය වෙනුවෙන් සහ සහයෝගීතාව වෙනුවෙන් වාර්ෂික ඉන්දු ජපාන සමුළුවද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.