ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට එරෙහිව සටන් වදින නේටෝ හමුදාවට අවශ්‍ය බඩු බාහිරාදිය පාකිස්තානය හරහා ප‍්‍රවාහනය කිරීමට විරෝධය පාමින් පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ඉස්ලාමාබාද් අගනුවර තෙක් ඊයේ (9) දැවැන්ත විරෝධතා පෙළපාළියක් පැවැත්විණි.
පෙළපාළිය සංවිධානය කළේ ‘පාකිස්තානය ආරක්ෂකයන්’ නමැති දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයයි. ඔවුන් කියා සිටියේ පෙළපාළියට 25,000 කට වැඩි පිරිසක් සහභාගී වූ බවය.
එම පිරිස බස්රථ, ලොරි, ට‍්‍රක් රථ, වෑන් රථ සහ කාර්වල නැගී කිලෝ මීටර් 275 ක දුරක් ගෙවා ඊයේ සවස් වනවිට ඉස්ලාමාාද් අගනුවරට පැමිණියහ. කෙසේ නමුත් පාකිස්තාන රජය කියා සිටියේ පෙළපාළියට එක්ව සිටියේ 8,000 ක් පමණක් කියාය.
ඇමෙරිකාව සමඟ පවතින මිතුදම් වහා නැවැත්විය යුතු බවත්, ඇෆ්ගනිස්තානයෙන් සහ පාකිස්තානයෙන් ඇමෙරිකා නිලධාරීන් සහ සෙබළුන් වහා ඉවත්ව යා යුතු බවත් විරෝධතාකරුවෝ හඬ නැඟූහ.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd