IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


නැගෙනහිර යුරෝපයේ ආසාදිතයෝ මිලියන 20 ක්

නැගෙනහිර යුරෝපා රටවල 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 20 සීමාව පසු කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, නැගෙනහිර යුරෝපයට අයත් රටවල් බොහොමයක එන්නත්කරණ කටයුතු ඉතා මන්දගාමීව සිදුවෙයි. ආසාදිතයන් වැඩිවීමට එක් හේතුවක් වී ඇත්තේ එයයි.

ඊට අමතරව, ඒම රටවල 'කොවිඩ් 19 ඩෙල්ටා ප්ලස්' විකෘති වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තිය ද සිදුවෙමින් පවතී.
නැගෙනහිර යුරෝපා රටවල් අතරින් වේගවත් එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ හංගේරියාවේ යැයි පැවැසෙයි.

හංගේරියානු රජය සහ සෞඛ්‍ය අංශ ඒරට ජනගහනයෙන් සියයට 62 කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව වාර්තා වේ. යුක්රේනයේ එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 19 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. අද නැගෙනහිර යුරෝපා රටවලින් දරුණු ලෙස 'කොවිඩ් 19' වසංගතයෙන් බැට කන රටක් ලෙස යුක්රේනය සැලකෙයි.

නැගෙනහිර යුරෝපා රටවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන 80,000 පසු කර ඇත. මීට පෙර මේ අයුරින් නැගෙනහිර යුරෝපා රටවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ පසුගිය 2020 නොවැම්බරයේය.

ආසියා මහද්වීපයට අයත් වුවත් රුසියාව සැලකෙන්නේ ද නැගෙනහිර යුරෝපා රාජ්‍යයක් ලෙසය. රුසියාවේ 'කොවිඩ් 19' තත්ත්වය ද දිනපතා දරුණු වෙමින් පවතී. දෛනිකව, මරණ 1,000 ඉක්මවා වාර්තා වන අතර, දෛනික ආසාදිතයන් ගණන වාර්තා වන්නේ 30,000 ඉක්මවමිනි.

(රොයිටර්)



අදහස් (0)

නැගෙනහිර යුරෝපයේ ආසාදිතයෝ මිලියන 20 ක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක්
2024 ජුලි මස 14 3336 5

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය පවසයි.


ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ
2024 ජුලි මස 14 2062 0

පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක


වෙඩික්කරු හිටියේ වහලේ
2024 ජුලි මස 14 3368 3

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට මීටර් කීපයක් දුරින් පිහිටි


ප්‍රහාරය හෙලා දකී
2024 ජුලි මස 14 768 0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත.


මට වෙඩි තිබ්බා !! ඒත් මම හොඳින් !!
2024 ජුලි මස 14 1557 6

හිටපු ජනාධිපති, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළියක්


තිරිසන් ක්‍රියාවක් !
2024 ජුලි මස 14 1287 3

මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බය


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 65 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1802 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site