IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


දිවි පරදුවට තබා බිත්තර රකින බූවල්ලෝ

බූවල්ලන් තමන් මියයනතුරුම බිත්තර රකින බව පර්යේෂකයෝ පවසති. ඔවුන් මේ බව පවසන්නේ කැලිෆෝනියා බූවල්ලන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් අනතුරුවය.

මෙතෙක් තිබූ මතය වන්නේ බූවල්ලන් යනු මව් පිය භූමිකාවට එක් නොවන සතුන් විශේෂයක් බවයි. ‘මොන්ටරි බේ ඇක්වේරියම් රිසර්ච් ඉන්ස්ටිටියුට්‘ හි ගවේෂකයන් පිරිසක් පවසන්නේ ගැඹුරු මුහුදේ ජීවත්වන කැලිෆෝනියානු බූවල්ලන්ගේ ගැහැණු සතුන් වසර හතරහමාරකට අධික කාලයක් සිය බිත්තර රකිමින් ඒ අසළම රැඳී සිටින බවයි. මොවුන්ගේ බිත්තර මේරීමේ කාලය ද අනෙක් සතුන්ට වඩා වැඩි බව ඔවුන් පවසයි. මේ කාලයේ දී ගැහැණු සතුන්ගේ සම දුර්වර්ණ වී හැකිලී යන බවත් අවසානයේ දී සිරුර හැකිලී දුර්වල වී මරණයට මුහුණ දෙන බවත් පර්යේෂකයෝ කියති.

දැල්ලන් වැනි ශීර්ෂපාදිකයන් අයත්වන සිෆලොපොඩ් ඝණයේ සතුන්ගෙන් ග්‍රැනල්ඩෝන් බොරියොසිපියා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම බූවල්ලන් දිගු ආයුකාලයකට හිමිකම් කියන සත්ත්ව විශේෂයකි. නොගැඹුරු මුහුදේ ජීවත් වන බූවල්ලන්ගේ හා දැල්ලන්ගේ ආයු කාලය වසරක් හෝ දෙකකට සීමා වේ.

වසර 25ක සිට සෑම මසකම මොන්ටරි බේ හි ගවේශකයන් 'මිඩ්වෝටර් 1' ලෙස හඳුන්වනු ලබන මොන්ටරි නම් ගැඹුරු මුහුදේ නිරික්ෂණ කරයි. ඔවුන් 2007 වසරේදී පළමු වරට ගැහැණු බූවල්ලෙක් අඩි 1400ක් ගැඹුරේ ඇති මතුපිටක් මත එල්ලී සිටිනු දැක ඇත. මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන් මෙවැනි සතුන් ගැවසෙන පෙදෙසක් ලෙසට හඳුනාගෙන තිබුණේ නැත.

මේ බූවල්ලා පළමුවරට නිරීක්ෂණය කිරිමෙන් පසු වසර හතරහමාරක් අවස්ථා 18 දී එම ස්ථානයේ කිමිදුණු පර්යේෂකයන් ඒ සෑම අවස්ථාක දී ම බූවල්ලා එහි එල්ලී සිටිනු දැක ඇත. තමන් මේ දකින්නේ එකම බූවල්ලා බව ඔවුන් හඳුනාගෙන ඇත්තේ බූවල්ලාගේ සිරුරේ තිබුණු කැලැල් හා රටා ආධාරයෙනි. බූවල්ලා ආහාර ගැනීමට හෝ වෙනත් කිසිදු කරුණක් වෙනුවෙන් බිත්තර තිබූ ස්ථානයෙන් ඈත් නොවූ බව ද පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කැර ඇත.

ඒ අවට සිටින කකුළුවන් හා පොකිරිස්සන් වෙත ද අවධානය යොමු නොකරන බූවල්ලා එම සතුන් හෝ ආහාරයට ගැනීමට උනන්දු වී නැතැයි ද පර්යේෂකයෝ කියති.  2007 වර්ෂයේ අප්‍රේල් මාසයේ මුල් වරට දුටු මේ බූවල්ලා 2011 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී අවසන්වරට දැක ගැනීමට ලැබුණු බව ඔවුහු කියති. එම වසරේ ම ඔක්තෝබර් මාසයේ කිමිදෙනවිට බූවල්ලා හෝ බිත්තර එතැන තිබී නැත. ඒ වෙනුවට දක්නට ලැබී ඇත්තේ හිස් වූ බිජු කෝෂ කිහිපයක් පමණි. පර්යේෂකයන් පවසන්නේ එතැන බිත්තර 160ක් පමණ තිබූ බවයි.

ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ කැලිෆෝනියානු බූවල්ලන් තම දිවි පරදුවට තබමින් බිත්තර රකින ආකාරය පුදුම සහගත ක්‍රියාවක් බවයි. 

buwalla-1 buwalla2 buwalla3



අදහස් (0)

දිවි පරදුවට තබා බිත්තර රකින බූවල්ලෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 201 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1066 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site