IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙවැනි පරම්පරාවේ එන්නත් ඕනෑ

'කොවිඩ් 19' වසංගතයට එරෙහිව 'දෙවැනි පරම්පරාවේ' එන්නත් අවශ්‍ය බවත්, එම එන්නත් කඩිනමින් ජනතාව අතරට යාවි යැයි තමන් බලාපොරොත්තු වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය සෞම්‍යා ස්වාමිනාදන් පවසා ඇත.

'දෙවැනි පරම්පරාවේ' එන්නත් ලෙස සෞම්‍යා ස්වාමිනාදන් අර්ථ දක්වා ඇත්තේ, නාසයට ඉසින දියර ලෙසින් සහ මුඛ එන්නත් ලෙසින් නිර්මාණය වන එන්නත්ය.

එන්නත් යැයි කී සැණින්, සිහියට නැගෙන්නේ සිලින්ජරයක් ආධාරයෙන් සිරුරට ඇතුළු කරන ඖෂධය. දැනට 'කොවිඩ් 19' සඳහා භාවිතයට ගන්නා 'ෆයිසර්', 'මොඩර්නා', 'ඇස්ට්‍රාසෙනකා', 'සයිනොෆාම්' ඇතුළු මෙම වර්ගයේ සියලු එන්නත් අයත් වන්නේ 'පළමු පරම්පරාවේ' එන්නත් අතරටය.

දෙවැනි පරම්පරාවේ එන්නත් නාසයට ඉසින දියර ලෙසින් සහ මුඛ එන්නත් ලෙසින් නිර්මාණය වනු ඇත්තේ 'කොවිඩ් 19' වයිරසයේ විකෘති ප්‍රභේද අඩපණ කළ හැකි ලෙසය.

එපමණක් නොව, ඕනෑම අයකුට තනිවම මෙම 'දෙවැනි පරම්පරාවේ' එන්නත් පහසුවෙන් ලබා ගැනීම ද කළ හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය පෙන්වා දී තිබේ.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

දෙවැනි පරම්පරාවේ එන්නත් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site