IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දිල්ලියට වතුර නෑ

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ පැවති ගෝත්‍රික අයිතිවාසිකම් පිලිබඳ විරෝධය අතරතුරේදී නගරයට ජලය සැපයෙන  ප්‍රධාන ජලසැපයුම විසන්ධි කිරීම හේතුවෙන් දැඩි ජල අර්බුධයකට නගරවාසීන් මුහුන දී ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කරයි.

 විරෝධතාවයට එක්වු  හර්යානා ප්‍රාන්තයේ ජැට් ප්‍රජාවේ විරෝධතාකරුවන් දිල්ලි නගරයට ජලය සැපයෙන ප්‍රධාන මූලාශ්‍රය වන මුනක් ඇළ මාර්ගයේ සවිකර තිබූ උපකරණ වලට හානි පැමිනීම මෙම තත්වයට හේතුව බව වාර්තාවේ.

මෙම ජල අර්බුධය හේතුවෙන් සමහර ප්‍රදේශ වෙත ඉරිදා කොහෙත්ම ජලය සැපයිමක් නොවු අතර  සඳුදා   පාසැල් විවෘත නොකරණ බවද බලධාරින් ප්‍රකාශ කර තිබේ.

සෙනසුරාදා සිට පවතින ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් නම දෙනෙක්වත් මියගොස් ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දියා  රජය මගින් පනවා ඇති ග්‍රෝතික පංගු ක්‍රමය ගැන නොසතුට පළකරණ විරෝධතා කරුවන් කියා සිටින්නේ මේ හේතුවෙන් රජයේ රැකියා සහ රජයේ අධ්‍යාපන ආයතන වෙත යොමුවිමේදී තමනට අවාසි දායක තත්වයක් උදාවෙන බවයි.

ජැට් ප්‍රජාව  මේ වනවිට ඉන්දියාවේ ඉහළ ග්‍රෝතිකයන් ලෙස වර්ග කර ඇති මුත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රැකියා පංගු ක්‍රමය පහළ කුලවල අයට ලබාදෙන ආකාරයටම ලබාගැනීමටයි.

ඇඳිරි නීතිය පවා උල්ලංඝනය කරමින් විරෝධතා කරුවන් ප්‍රචන්ඩ ක්‍රියා ඇති කිරීම හේතුවෙන් මෙම  තත්වය පාලනයට  රොටැක් සහ ජජාර් දිස්ත්‍රික්කවලදී ඔවුන්ට යුධ හමුදාව විසින් වෙඩි තැබීම් ද සිදුකර තිබේ.



අදහස් (0)

දිල්ලියට වතුර නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site