සැතපුම් 3 ක් දුරින් තිබෙන සතුරු ඉලක්ක විනාශ කළ හැකි නව ලේසර් කිරණ අවියක් ඉතා සාර්ථකව අත්හදා බැලූ බව ප‍්‍රහාරක යානා හා නව තාක්ෂණික ගිනි අවි නිපදවීම සම්බන්ධයෙන් ප‍්‍රකට ඇමරිකා සමාගමක් වන ලොක්හීඞ් මාර්ටින් සමාගම කියයි.
ලේසර් අවි වලින් භාවිතය ලොවට අලූත් දෙයක් නොවූවද මෙම නව ලේසර් අවිය සැහැල්ලූ හා වඩා කාර්යක්ෂම බව පැවසේ.එනිසාම දැනට භාවිතයේ ඇති ලේසර් අවි ගොඩබිම සවිකිරීමට හෝ විසල් යුධ නෞකා වල සවිකිරීමට හෝ සිදුව ඇතත් මෙම නව අවි ගුවන්යානා හා හෙලිකොප්ටර යානා ආදියටද සවිකළ හැකිබව සඳහන්ය.
සාම්ප‍්‍රදායික ලේසර් අවියේ එන විසල් කිරණ ජනකයකින් ජනනය වන තනි ලේසර් කදම්භය වෙනුවට මෙම අවියේ භාවිතා වන්නේ කුඩා කුඩා ලේසර් කිරණ ජනක රාශියකින් ජනනය වන ලේසර් කිරණ එකතුකර තනාගෙන ඇති තනි කදම්භයකි.මෙනිසා අවිය කි‍්‍රයාත්මක කිරීමට යෙදිය යුතු බලය සැළකිය යුතු ලෙස අඩුකරගැනීමට හැකිව තිබෙන බව ලොක්හීඞ් සමාගම පවසයි.
කෙටි දුර ප‍්‍රහාරයන් සදහා මෙම නව අවිය ඉතාම ප‍්‍රයෝජනවත් වනු ඇති බවට යුද විශේෂඥයින් දැනටමත් අනාවැකි පළකර තිබේ.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුරදිග ඉලක්ක වනසන ලේසර් අවියක්