ලොව ප්‍රථම දිය යට පාවෙන උමන් මාර්ගය සැදීමට නොර්වේ රාජ්‍යය බලධාරීහු සැලසුම් කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැය විසි එකක ගමනක් පැය 10කින් අවසන් කිරීමට මෙම ව්‍යාපෘතිය සම්පුර්ණ වූ පසු හැකියාවක් ලැබෙනු ඇතැයි සදහන් වේ.ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක් මෙම ව්‍යාපෘතිය සදහා වියදම් වෙන අතර 2035 වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නිලධාරීහු බලාපොරොත්තු වෙති.
එහි පළමු අධියර ලෙස එකිනෙකට ප්‍රතිවිරුද්ධව මුහුදෙන් වෙන් වී තිබෙන ලැවික් සහ ඔපෙඩල් ප්‍රදේශ යා කරමින් උමං මාර්ගය සැකසෙනු ඇත. කොන්ක්‍රීට් උමං දෙකක් පාවෙන පාරු වැනි ව්‍යුහයන් මගින් එල්ලා තැබීමට සැලසුම් කර තිබෙන අතර මංතීරු ද්විත්වයක් එම උමන් මාර්ගයේ අන්තර්ගත වෙනු ඇත.එමෙන්ම මෙම උමන් මාර්ගය මුහුදේ අඩි සියයක් ගැඹුරේ ස්ථාන ගත කිරීමට සැලසුම් කර තිබේ.මෙමගින් ගමනාගමනයේදී සිදුවන අධික වියදම සහ කාලය අඩු කරගැනීමේ හැකියාවක් පවතින බව නිලධාරීහු පවසති.එමෙන්ම කාලගුණ තත්වයන්හි කිසිම බලපෑමක් නොමැතිව ගමන් කිරීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇතැයි සදහන් වේ.
COMMENTS
ඕවත් වැඩද දිය යටින් ගින්දර ගෙනියන අපේ අයට? (නි)