ඉතියෝපියාවේ සුරී ගෝත්‍ර වාසීහු ගෝත්‍රයේ කාන්තාවන්ගේ වැඩිවිය පත්වීම හා ඔවුන්ගේ රූමත්බව පෙන්වීමට අමුතු චාරිත්‍රයක් අනුගමනය කරන්නෝය.
චාරිත්‍රයට අනුව කාන්තාවක වැඩිවිය පත්වුනු පසු ඇයගේ යටි ඇන්දේ දත් ඉවත් කර ඇයගේ යටි තොල සිදුරු කැරෙයි.
අනතුරුව ඇයගේ යටි ඇන්ද හා තොලෙහි වන සිදුර අතර සිරවී සිටින්නට දමනු ලබන්නේ මැටි තැටියකි.මෙම තැටියේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් ඇයගේ යටි තොල කෙතරම් දුරකට ඇද දැමිය හැකිදැයි සොයාබැලේ.
තැටියේ ප්‍රමාණය විශාල වන්නට ඇය දීග දීමේදී ඇයගේ පියාට ඉල්ලා සිටිය හැකි සම්පත් ප්‍රමාණයද ඉහළ යන්නේය.සුරී ගෝත්‍ර වාසීහු ගනුදෙනු සිදුකරන්ගේ බොහෝ විට ගවයින් එකිනෙකා අතර හුවමාරු කරගැනීමෙන් වන අතර දිගු තැටියක් මුඛයේ සිරකළ හැකි දුවණියක සිටින පියෙකුට දෑවැද්ද වශයෙන් හරකුන් 60 ක් පමණ ඉල්ලා සිටිය හැක.
ගෝත්‍රයේ වර්තමාන කාන්තා පරම්පරාවනම් මේ චාරිත්‍ර විධිය ප්‍රතික්ෂේප කරන බව සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව මම කලින් දැක්කා (ස)
මම නම් කැමති තැටියක් හිරකරගන්න (ස)
මොන විකාරයක්ද මේ ? (නදී)
බැරිද යටි තොලෙන් ඔංචිලි පදින්න(ස)
අපේ සමහර වැඩි හිටියොත් හොද දැවද්දක් දෙනවා කිව්වානම්, පුතාගේ හෝ දුවගේ හෝ යටි ඇන්දේ විතරක් නෙවෙයි,මුළු දත් සෙට් එකම වුනත් ගලවයි. (නදී)
චමින්ද මහත්තයෝ අපේ සාරධර්ම තමා ඒ තරම් පහත් තත්වයට වැටිලා නෑ හරිද??? (ස)
චමින්ද, හැබැයි සමහර වෙලාවට දුව පෙන්නලා මනමාලයාගේ තාත්තගේ දත් ගලවන අයත් ඉන්නවා!! (ස)
මෙවැනි නොදියුණු අමානුෂික චාරිත්‍ර වලින් මිදුනේ අපි උසස් සිරිත් විරිත් අපේ රටට ලැබුණ නිසා. (ස)
සේරම් කියන කතාව හරියටම හරි. (ස)
චන්දිමා, එතකොට ඔයා දැන් හිරකර ගෙන ඉන්න තැටියට මොකද වෙන්නේ. (ස)
චන්ඩි, මම හිතන්නේ දැන් ඒ තැටිය මදි ඇති!!!! (ස)
ඒ තැටිය චන්දිට ඕනෑද?ඉන්දිකටත් ඕනෑද? ඒක පිඟන් ගඩොල් අනේ! (නි)
සමහරුන්ට නම් දැන් ලංකාවේ තැටි මදි වගේ කියලයි මේ අදහස් දැක්කහම හිතෙන්නේ (නි)
අපිට වැඩිය දියණු අය තවත් ඉන්නවා.(නදී)