ඉරානයේ උතුරු දිග සෙම්නන් පළාතේ දුම්රිය දෙකක් මුහුනට මුහුණ ගැටීම නිසා 31දෙනකු මිය ගොස් 70ක් පමණ තුවාල ලබා ඇතැයි ඉරාන බලධාරීහු පවසති.
එක් පසෙකින් පැමිණි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ සිදුවූ කාර්මික දෝශයක් නිසා දුම්රිය නැවතුම්පොළ දෙකක් අතර මැද නැවතී ඇති අතර අනෙත් පසින් පැමිණි තවත් දුම්රියක් එහි ගැටී ඇත. දුම්රිය මැදිරි හතරක් පීලි පැන පෙරළී ඇති බවත් මැදිරි දෙකක් ගිනිගෙන ඇති බවත් වාර්තා වේ.
අනතුර සිදුවූ ස්ථානයට ලඟාවීමට අපහසු වූ නිසා හෙලිකොප්ටර් යානා යොදාගෙන බේරා ගැනීමේ කටයුතු සිදුකළ බව පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd