මව් සෙනෙහස අහිමි අලි පැටවුන් 21 දෙනෙකු රකින්නෙකි කෙන්යා ජාතික පීටර් මුබුලූ.
කෙන්යා ජාතික වනෝද්‍යානයේ සේවය කරන ඔහුගේ රාජකාරිය වී ඇත්තේ දඩයම්කරුවන්ට හසුව මව මියගොස් අසරණව සිටිනා අලිපැටවුන් බලා කියා ගැනීමයි.
දැනට ඔහු භාරයේ කිරි බොන වයසේ අලි පැටවුන් 21 දෙනෙකි.
ඔවුන්ට තම දරුවන් සේම සළකන බව මුබුලූ පවසයි.
ඉර එළිය වැටෙන්නටත් කලින් අවදිවන ඔහු පැටවුන් 21 දෙනාටම කිරි පොවා ඔවුන්ව වනෝද්‍යානය වෙත රැගෙන යයි.
පැටවුන්ට ස්වභාවික පරිසරයේ ඇති පදම් කාලය ගත කරන්නට ඉඩ දී ඔහු නැවත එම පැටවුන්ව ගාල වෙත ගෙන ඒ.
මේ සියල්ල ඔහු කරන්නේ තනිවමය.
පැටවුන් කෙදිනක හෝ වනගත ජීවිතයට හුරුවිය යුතු නිසා දිනපතා ඔවුන් මෙසේ වනෝද්‍යානයට රැගෙන යන බව ඔහු කියයි.
පැටවුන් වනෝද්‍යානයේ සිටියදී දඩයම්කරුවන් පැමිණේදැයි පිළිඹදවද ඔහු විමසිල්ලෙන් සිටී.
කෙන්යාවේ ඇත් දල, අලි වලිගයේ කෙදි, අලි හම් ජාවාරම ජයටම කෙරෙන්නකි.මෙයින් ඉපැයෙන මුදල වසරකට ඩොලර් බිලියන 12 ක් තරමේ වන බව සදහන්ය.
බොහෝ විට සිදුවන්නේ ඇත් දළ ලබා ගැනීම සදහා ඇතුන් මැරීම වන අතර පසුගිය වසරේ වනජීවී අංශ සිදුකළ වැටළීම් වලින් සොයාගත හැකිවුණු ඇත්දළ ප්‍රමාණය ටොන් 13.5 කි.




COMMENTS
අනේ දෙවියනේ! අපේ රටේ අලි සම්බන්ධයෙන් අසන්නට ලැබෙන පුවත් වලට වඩා මොනතරම් වෙනස්ද? (නි)
යොහාන් මොක්කද්ද අනේ වෙනස ? අපේ අලින්ට වාසනාවට දල නැහැ තිබුනානම් මෙහෙත් ඔය ටිකම තමා (අ)
ඒක හරි යොහාන් (නි)