ඇමෙරිකාවේ ඇන්ටෝනීයෝහී දඩ පත්‍රයක් ලියමින් සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාර් රථයකින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරියාගේ හිසට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මේ දිනවල පොලිස් නිලධාරීන්ට විවිධ ප්‍රහාර එල්ල වන බවත් එම නිසා රාජකාරිය කිරීම ඉතාමත් අපහසු බවත් ඇන්ටොනීයා පොලිස් ප්‍රධානී විලියම් මැක්මැනස් පැවසීය.
මිය ගිය පොලිස් නිලධාරියා(50) වසර 20ක් තම දෙපාර්තුමේන්තුවේ සේවය කළ අයෙක් බව ද කීය.
නිල ඇඳුමෙන් සිටින නිලධාරීන්ට එල්ල වන මෙවන් ප්‍රහාර අනුමත කළ නොහැකි බවත් අපරාධකරුවන්ට එරෙහිව නීතීය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් ටෙක්සාස් ආණ්ඩුකාරවරයා පැවසීය.
වෙඩි තැබු අය හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරියා අසල සිටි අයෙකු හා අපරාධකරුවන් අතර සම්බන්ධතාවයක් ඇති බව සොයාගෙන ඇති බව පොලිසිය කියයි.
අපරාධකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කළ බවත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් පිළිබඳ තොරතුරක් ලබා දෙන අයෙක්ට ඇමෙරිකානු ඩොලර් 10000ක තෑගී මුදලක් ලබා දීමට තීරණය කර ඇත.
COMMENTS
බලනකොට අපේ රට දාහෙන් සම්පතයිනේ! (නි)
මෙහෙත් 25000 දඩ ගහන්න පටන්ගත්තම පොලිසියයි මිනිස්සුයි අතර ලොකු දුරස්බවක් ඉතා ඉක්මනට ඇතිවෙයි. මොකද සාමාන්‍ය පාරවල් වල උදා: (පරණ ගාලු පාර)කාර් එකක සාමාන්‍ය වේගය 60-70 යි. නිකමට හරි 80 ට පෑගුන ගමන් හයි ස්පීඩ් ලියන්න පුළුවන් අත උඩින්. කෙලින්ම 25000 යි. කොහොමද දැනෙන සනීපය. මෙහෙම ඇත්තටම ගමනක් යන්න පුලුවන්ද. (නි)
ඇමෙරිකාවේ මෙහෙම දෙයක් උනාට ගොඩක් අය පිළිගන්න අකමැතියි. මේ ගැන ලෝකයේ ප්‍රධාන මාධ්‍ය හැම එකක්ම වාර්තා කරලා තියනවා. එතකොට ඔවුන් ඔක්කොම කියන්න බොරුද? (බ)
වේග සීමාවන් ඉක්මවා නීති උල්ලංඝණය කරමින් රියපදවන රියදුරන්ට රුපියල් 25000ක දඩයකට යටත් කිරීම අසාධාරණද? හයිස්පීඩ් ගිහින් තාප්ප ලයිට්කණු කඩාගෙන අහිංසක මිනිසුන්වත් මරාගෙන වාහන පෙරළාගෙන යනවා දකිනකොට කොහොමද දැනෙන සනීපය. (නි)
බොරු කියන්න එපා. ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
ඇමරිකාව ජීවත්වීමට ලොව ඇති භයානකම රටකි. බ්‍රසීලයද මීටවඩා ආරක්ෂාකාරීය. (නි)