දකුණු සෝමාලියාවේ කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් රජයේ හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් අඩු තරමින් දස දෙනෙකු මිය ගොස් ඇතැයිද එනමුත් වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් බවද ප‍්‍රචණ්ඩකාරීහු සෝමාලි රජයට චෝදනා කරයි. මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් ගණන් බලා නැතැයි අහමඞ් යුසුෆ් නම් ප‍්‍රහාරයට ලක්වූ හොස්නින්ගෝව් ප‍්‍රදේශයේ අසල්වැසියකු පැවසීය. හොස්නින්ගෝව් ප‍්‍රදේශයට ඉහලින් පැමිණි හමුදා ජෙට් යානා තුනක් මෙම ප‍්‍රහාර එල්ල කළ බව අහමඞ් යුසුෆ් තව දුරටත් පැවැසීය. ප‍්‍රහාරක යානාවලින් දැමූ එක් බෝම්බයක් හොස්නින්ගෝව් ප‍්‍රදේශයේ කඩසාප්පු පිහිටි ප‍්‍රදේශයට වැටී ඇත. දකුණු සෝමාලියාවේ කොටසක් සෝමාලි ප‍්‍රචණ්ඩකාරීන්ගේ ග‍්‍රහණයට නතුවී තිබේ. නමුත් ප‍්‍රාදේශීය හමුදා ඛණ්ඩවලින් එම ප‍්‍රදේශවලට නිතර ප‍්‍රහාර එල්ල වේ. අහිංසක සිවිල් ජනතාවට එල්ල කරන ප‍්‍රහාරවලට පළිගන්නා බව ෂෙඩා ඕ ප‍්‍රදේශය බාර කැරලි නායක ෂීක් අඩුකාර් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු සෝමාලියාවේ ප‍්‍රාන්ත කැරලිකරුවන්ට ගුවනින් ප‍්‍රහාරයක්