දකුණු කොරියා ජනපතිනි පාක් ගූන් හේට ධූරයෙන් ඉවත්වන ලෙස බලකරමින් එරට විශාල පිරිසක් වීදි බැස විරෝධයේ යෙදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මිලියන දෙකක ජනතාවක් සෙනසුරාදා විරෝධයට එක්ව සිටි බවත් ජනපති මැදුර වන බ්ලූ හවුස් ඉදිරිපිට පෙත්සම් ද අත්සන් කැරිණි.
ජනපතිවරියගේ සමීපතමයකු වන චෝයි සූන්ට රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කිරීමට ඉඩ ලබාදී ඇතැයි විරෝධතාකරුවෝ කියති. ජනපතිනියට වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස කියමින් විරෝධතා පුවරු ඔසවමින් විවිධ සටන් පාඨ කියමින් ඔවුහු සිය විරෝධය පාති.





COMMENTS