දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ භූමදාන කටයුතු ඉරිදා (15) නැගෙනහිර කේප් ප්‍රාන්තයේ කූනු ගම්මානයේ දී සිදු කෙරේ.
මැන්ඩෙලා උපත ලැබුවේ ද කූනු ගම්මානයේය. භූමදාන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන බව දකුණු අපි්‍රකානු ජනපති ෙජ්කොබ් සූමා පවසා ඇත. මැන්ඩෙලාගේ දේහය තැම්පත් කෙරෙන්නේ, විශේෂයෙන් ඉදි කළ සොහොන් ගැබකය. එය මේ වන විට ඉදි කෙරෙමින් පවතී.
මැන්ඩෙලාගේ දේහය අද (13) වන තෙක් තැන්පත් කර තිබුනේ පි්‍රටෝරියා අගනුවර යූනියන් රාජ්‍ය ගොඩනැගිලි සංකීර්ණයේය.එම ගොඩනැගිලි සංකීර්ණය නෙල්සන් මැන්ඩෙලාගේ නමින් නම් කිරීමටද නියමිතය.
විදෙස් රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගෙන් පසු මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට වයස් භේදයකින් ආගම් භේදයකින් තොරව වැල නොකැඩී මහා ජනකායක් පි්‍රටෝරියාහි ගොඩනැගිලි සංකීර්ණයට පැමිණියහ. ඔවුන් බොහෝ දෙනා මැන්ඩෙලාගේ දේහය දැක කඳුළු සෑලු බව ද වාර්තා වේ.
සෙසු අප්‍රිකා රටවල ගෝත්‍රික ජනයා පවා කිලෝ මීටර් දහස් ගණනක් දුන පයින් පැමිණ මැන්ඩෙලාගේ දේහයට අවසන් ගෞරව දැක් වූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
( රොයිටර් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා විප්ලව වාදියකු උනාට ලංකාවෙ ප්‍රශ්නෙදි හිටියේ වැරදි පැත්තේ. එයාගේ දැක්මට අනුව කොටියා හරි මහ ජාතිය වැරදියි. තවමත් එයාගේ රටේ උදවිය දරන්නේ එම මතයමයි.(නදී)
සුනිල් ගම්පොල, නෙල්සන් මැන්ඩෙලා යනු ,නිදහස් අරගලයකට උරදුන් අයකු මිස .සමාජ විප්ලවයකට උරදුන් අයකු නොවෙයි.(නදී)
ඔය වැරදියි සුනිල්. ඔහු සටන් කලේ හැමදාම සුළු ජාතිය වෙනුවෙන්.(නදී)
හොදට සැලකිලි ලැබෙන්න නම් මැරෙන්නම ඕනේ.(නදී)
නැහැ අමිල මේ මනුස්සයා ජිවත් එලා ඉද්දිත් හැමෝම මේ උදාර මනුස්සයට ගරු කළා. මෙහෙම වැදුම් පිදුම් ලබපු අපෙත් නායකයෝ දෙතුන් පොලක් හිටියා.(නදී)
සුනිල් ගම්පොල, ත්‍රස්තවාදී සංවිධානයක හිටපු කෙනෙක් හැම වෙලාවෙම ගන්නෙ තවත් ත්‍රස්තවාදී සංවිදානයක පැත්ත මිසක් රජයක පැත්ත නොවෙයි. මනැන්ඩෙලා රාජ්‍ය නායකයෙකු වුණත් ඒ තත්වය වෙනස් වුනේ නැහැ. (දිල්)