තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වුණු ළමා අයිතීන් වෙනුවෙන් හඬක් නැගූ සාම කි‍්‍රයාකාරිණියක ද වන 14 හැවැරිදි පාකිස්තාන දැරියගේ හිසේ තිබුණු උණ්ඩය සාර්ථකව ඉවත් කිරීමට ශෛල්‍ය වෛද්‍යවරු ඊයේ (11) සමත් වූහ. මලාලා යූසාෆ්සා නමැති එම දැරිය පාසල නිම වී පාසල් බස්රියෙන් ගමන් කරමින් සිටිද්දී තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූයේ ඉකුත් 9 වැනිදාය. ඇය සමඟ සිටි ඇගේ යෙහෙළියන් දෙදෙනකුත් තලේබාන් තුවක්කුකරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ බව වාර්තා විය. පාකිස්තානයේ ස්වාත් නිම්නයේ බාළිකා අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර එම නිසාම ඇය පාකිස්තාන ජනතාවගේ ද ආදරය දිනා ගැනීමට සමත් වූවාය.