තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම සහ නව රජයක් පිහිටුවීම දකුණු ආසියානු කලාපයටත්, විශේෂයෙන් ඉන්දියාවටත් විශාල තර්ජනයක් වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, තලේබාන්වරුන්ට පාකිස්තානයේ පමණක් නොව, චීනයේ ද සහාය හිමවීමය. තලේබාන්වරුන් පිහිටුවන නව රජය පළමුවෙන් පිළිගැනීමට ඉදිරිපත් වූයේ චීනයයි. ඇෆ්ගන් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙහිලා තලේබාන් රජය සමඟ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමටත් පාකිස්තානය හරහා ඉදිවන නව සේද මාවතට ඇෆ්ගනිස්තානය ද ඇතුළත් කිරීමටත් චීනය බලාපොරොත්තු වෙයි.
චීනය සහ තලේබාන්රුන් අතර හිතවත්කම් වර්ධනය කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කළේ ද පාකිස්තානය බව ලොවට රහසක් නොවන බව ද දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
මාධ්‍ය නිදහස ලබා දීමට, ජාත්‍යන්තරය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට, කාන්තා අයිතීන් සුරැකීමට ඉස්ලාමීය නීතිය සහ සංස්කෘතිය ඇතුළේ අවසර ලබා දෙන බවත්, මධ්‍යස්ථ ප්‍රතිපත්ති අනුගමනය කරන බවත් තලේබාන් සංවිධානය ප්‍රතිඥා දී තිබේ.
කෙසේ නමුත් දැඩි මූලධර්මවාදීන් පිරිසක් ලෙස සැලකෙන තලේබාන්වරුන් ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ද ජගත් දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
ඇමෙරිකන් බුද්ධි අංශ සනාථ කර ඇත්තේ, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයත්, අල් කයිඩා සංවිධානයත් තලේබාන්වරුන් සමඟ එක් වී සිටින බවය. ඊට අමතරව කාශ්මීර බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි ද පාකිස්තානය හරහා තලේබාන් සංවිධානය සමඟ හිතවත්ම් පවත්වන බව ද ඇමෙරිකා බුද්ධි අංශ පමණක් නොව ඉන්දීය බුද්ධි අංශ පවා තහවුරු කර තිබේ.
(රොයිටර්/එන්.ඩී.ටීවී.)
COMMENTS
ශ්‍රීලංකා තලේබාන් පාලනය ඉන්දියාවට තර්ජනයක් නොවේද ?
චීනය බොහෝ කලකට පෙර කරපු සැළසුමක් තමා පකිස්තානය-ඇෆ්ගනිස්ථානය හරහා යුරෝපය වෙළඳාම් ආක්‍රමනයකට සූදානම් වීමට ඔය කියන සේද මාවත සකස් කිරීම. ඇමරිකාව කරපු වැඩෙන් චීනය දැන් ඉන්නේ ඉබ්බා දියේ දැම්මා වගේ. යුධමය ලෙස ජයග්‍රහණය කරන්න අමාරු භූමියක් වන ඇෆ්ගනිස්ථානය චීනය විසින් උපක්‍රමිකව කිසිදු යුද්ධයක් නැතිව තමන්ට නතු කර ගන්නවා. මේකෙන් ආසියාවේ ඇමරිකානු කඳවුර කඩා වැටෙනවා. හේතුව චීනය සමග රුසියාවත් (කලින් යුද්ධ කර පරාජය වූ) එකට සිට ගැනීම. දැනටත් අධිවේගී මාර්ග සකස් කිරීමට චීනය අත ගසා තිබෙනවා. ඉදිරියේ දී මේ නිසා ඉන්දියාව තනි වෙනවා. පකිස්ථානය දැනටමත් චීනය සමග එකට වැඩ කරනවා.
රූපවාහිණී පුවත් සමග ඉදිරිපත්කරන දර්ශන දැක්කම ඉන්දියාවට ලංකාවට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් නොවුනොත් පුදුමයක් විය හැකිය
මේ ත්‍රස්තවාදීන් විශ්වාස කළ නොහැකි ඔවුන් පිළිගන්න ඉක්මන් වීම සුදුසු නැ. ඔවුන් සමග ලොව සිටින අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් එක්වීම ලෝකයට ලොකු තර්ජනයක් වේවි.. ඉදිරි කාලයේදී..