IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටිති

ආගම හා ජාතිය උදෙසා සටන් වදින්නේයැයි කියන අයි එස් අයි එස් අන්තවාදීන්ට එරෙහිව ලොව පුරා ඉස්ලාම් භක්තිකයෝ ඉදිරියට පැමිණෙමින් සිටින්නෝය.

මේ අන්තවාදීන්ගේ කි‍්‍රයාකාරකම් වලින් සාමකාමි ලෙස ජීවත්වන ඉස්ලාම් භක්තිකයින්ට පවා ලේබල ඇලවී ඇතැයි ඔවුහු කියන්නෝය.

මොවුන්ගේ කි‍්‍රයාකාරකම් වලට විරෝධය පෙන්වීමට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සංවිධානය කෙරී ඇති වැඩසටහනක්ද මේ දිනවල කි‍්‍රයාත්මකය.

එම වැඩසහටන අනුව ප‍්‍රසිද්ධියේ අසිඑස් සංවිධානයට අයත් කොඩි ගිනි තැබිය යුතුය.‘‘අයිඑස්අයිඑස් කොඩි ගිනි තැබීමේ අභියෝගය‘‘ යැයි මෙම වැඩසටහන නම් කෙරී ඇත.

දැනටමත් දහස් ගණනක් දෙනා මෙයට සහභාගිව ඇත.ඔවුන් අතරින් බහුරතය ඉස්ලාම් භක්තිකයෝය.

එක් පුද්ගලයෙකු අයිඑස්අයිඑස් ධජයක් ගිනි තැබූ පසු ඔහු තවත් පුද්ගලයෙක්ට එසේ කර පෙන්වන්නැයි අභියෝග කළ යුතුවීම මෙම වැඩසටහනේ කොන්දේසියයි.

ඉස්ලාම් භක්තිකයන් මේ අන්තවාදීන්ට තම විරෝධය පෙන්වමින් සිටියදී ලෝක බලවත්හුද අන්තවාදීන්ට එරෙහිව අවි අතට ගනිමින් සිටිති.

පසුගියදා ඉරාකයේ හදිතා වේල්ල අත්පත් කර ගැනීමට පැමිණි අන්තවාදීන් කණ්ඩායමකට ගුවන් ප‍්‍රහාර එල්ල කර ඔවුන් පළවා හැරීමට ඇමරිකා ආරක්ෂක අංශ සමත් විය.ප‍්‍රහාර වලින් කණ්ඩායම සමග පැමිණි සන්නද්ධ රථ හා බර අවි රැුසක් විනාශවූ බව සඳහන්ය.

ඉදිරියේදී ඇමරිකා ජනපති බැරක් ඔබාමා අයිඑස් අන්තවාදීන්ට එරෙහි ඇමරිකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට නියමිතව ඇත.

ඇමරිකා ආරක්ෂක අංශ බළධාරීන් පවසන්නේ ඇමරිකාව හා ඉරාක ආරක්ෂක අංශ,කුර්දි සටන්කාමිීන් එක්ව පිහිටුවාගන්නා සන්ධානයක් මගින් අයිඑස් අන්තවාදීන්ට එරෙහිව ප‍්‍රහාර එල්ල කරන බවය.

මෙහිදී වැඩි බර පැටවෙනු ඇත්තේ ඉරාක හා කුර්දි අංශ වලට බවත් ඔවුන් ආධාර ඉල්ලූවහොත් පමණක් ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම ආදියෙන් ඇමරිකාව ඔවුන්ගේ සහයට ඉදිරිපත් වනු ඇති බවත් ඇමරිකා බළධාරීන් පවසයි.

මුලින් අයිඑස් අන්තවාදීන්ගේ අවි ශක්තිය අඩපණ කිරීමත්,අනතුරුව ඔවුන් අත්පත් කරගෙන සිටින ප‍්‍රදේශයන් මුදවා ගැනීමත්,අවසානයේ ඔවුන්ව සම්පූර්ණයෙන්ම පරාජය කිරීමත් සිදුකරන බව ඔවුන් කියයි.

article-2747644-212A0B8E00000578-294_634x398

 



අදහස් (0)

ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටිති

රංජිත් සිල්වා Tuesday, 09 September 2014 09:50 AM

ඇමරිකන් කොඩියකුත් ඔය එක්කම ගිනි තියන්න. මොකද මේ ගොල්ලන්ව පෝෂණය කලේ ඔය ඇමරිකාව තමා. දැන් බොරුවට කිඹුල් කදුළු පෙන්නෙනවා. (නදී)

:       0       0

සජී Tuesday, 09 September 2014 10:30 AM

ඇමරිකාව මුලින්ම අල්කයිඩාවට උදවුකලා, පස්සේ බිල් ලාඩන් ඇමරිකාවට කාලගුණ දැක්වුවා 9/11 ප්‍රහාරය මගින්, සිරියාවට පාඩමක් උගන්වන්න, අයිසිස් ලාට ආයුද දුන්නා. ඔවුන් ඇමෙරිකන් මාධ්‍ය වේදීන් දෙන්නෙකුගේ ගෙල කපලා එහි කළගුණ දැක්වුවා. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 09 September 2014 10:47 AM

රන්ජිත් සිල්වා. ඔබ හරි. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 01:26 PM

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බලවතුන්ට දැන් තමයි ඇස් ඇරීගෙන එන්නේ. (නි)

:       0       0

ඇසළ Tuesday, 09 September 2014 07:31 AM

ආයුධ දීල ඇමරිකාවෙන්ම හදපු අයි එස් අයි එස් සංවිධානය දැන් ඇමරිකාවටම එපාවෙලා.(දිල්)

:       0       0

උදාරත් Tuesday, 09 September 2014 08:36 AM

ඉක්මනට මැඩලුෙවාත් හොඳයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31236 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13404 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site