ගල් ගසා මරා දැමිමට නියමව සිටින පුද්ගලයා වෙත පැමිණෙන වධකයා ඔහුව වැළඳගනුත්, ඔහුගේ වැරදි වලට සමාවදී ඇතැයි කියනුත් සටහන්ව ඇති වීඩියෝවක් අයිඑස් අන්තවාදී සංවිධානය අන්තර්ජාලයට එක්කර තිබේ.

වැරදි වලට සමාවදී ඇති බව කීවද අවසානයේ වධකයා එල්ල කරන ගල්පහර වලින් එම පුද්ගලයා මරණයට පත්වනුත් එම වීඩියෝවේ පටිගතව ඇත.

වීඩියෝව ලොව පුරා අයිඑස් හිතවාදීන්ගේ ප‍්‍රසාදයට ලක්ව තිබෙන අතර කෙතරම් චෝදනා නැගුණද අයිඑස් සාමාජිකයින් යනු සාමාන්‍ය මිනිසුත් බවත්,ඔවුන්ටත් මානුෂීය හැඟීම් තිබෙනා බවත් ඔවුහු කියමින් සිටිති.

දියුණු මිනිස් සමාජයට නිගාදෙන අයුරින් වරදට දඬුවම් ලබාදීමට අයිඑස් සංවිධානය භාවිතා කරන ම්ලේච්ඡ උපක‍්‍රමයක් සාධාරණීකරණය කිරීමේ වෑයමක් ලෙස විචාරකයින් මෙය හඳුන්වාදී තිබේ.

පසුගිය සමයේ අයිඑස් සංවිධානය අතින් මෙසේ ඝාතනයට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව සියගණනකි.බියගෙන දෙන කරුණ වන්නේ මෙවැනි දඬුවම් පමුනුවා සිදුකෙරෙන ඝාතනයන්ට සහය දක්වන පිරිස්ද ක‍්‍රමයෙන් ගණනින් වැඩි වෙමින් සිටින වාතාවරණයක් ඇතිව තිබීමය.මෙම එක්කර තිබෙන වීඩියෝවේ පසුබිමේ පවා ගල්ගසා මරණ දඬුවම ලබාදෙන අයුරු නැරඹිමට පැමිණ සිටින බාල,මහලූ විශාල කණ්ඩායමක් සිටින අයුරු සටහන්ව ඇත.

අයිඑස් සංවිධානයට එරෙහි ප‍්‍රහාරයන් දිගින් දිගටම එල්ල කිරීමට ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය වැනි රටවලද සහය ලබන ඉරාකය කටයුතු කරමින් සිටින අතර ඇමරිකාවෙන් ප‍්‍රහාරක ගුවන්යානා කිහිපයක් ඇනවුම් කිරීමටත් එරට බළධාරීන් කටයුතු කර තිබේ.

එම යානා ලැබුණු වහාම මෙහෙයුම් කටයුතු සදහා යොදවන බව ඔවුන් කියයි.