පාකිස්තානයේ හිටපු ක්‍රිකට් තරුවක් දනීෂ් කනේරියා තමන් තරග පාවා දීමකට සම්බන්ධ යැයි පාපෝච්චාරණය කළේය.
වසර හයක් මුළුල්ලේ තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ දනීෂ් කනේරියා අල්ජසීරා පුවත් සේවයේ ගවේෂණාත්මක ඒකකය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම පාපොච්චාරණය කළේය.
තමන් එසේක්ස් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේදී එම කණ්ඩායමේ ක්‍රීඩකයකු සුප්‍රකට බුකීකරුවකුට හඳුන්වා දීමට උත්සාහ කළ බවත් මුදල් වෙනුවෙන් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන පරිදි ක්‍රීඩා කිරීමට තම සගයා පෙළඹවීමට උත්සාහ කළ බවත් කනේරියා එම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පැවැසීය.
දනීෂ් කනේරියා යනු පාකිස්තානයෙන් බිහි වූ වඩාත් සාර්ථකම ටෙස්ට් දඟ පන්දු යවන්නාය. ක්‍රිකට් බලධාරිහු 2012 වසරේදී දනීෂ් කනේරියාට ජීවිතාන්තය දක්වා ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි වන අයුරින් තහනමක් පැනවූහ. එහෙත් එතැන් පටන් මේ දක්වා දනීෂ් කනේරියා තමන් කිසිදු වරදක් කර නැතැයි කීය.
“මගේ නම දනීෂ් කනේරියා. එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය 2012 වසරේදී මට එරෙහිව ගෙන එන ලද චෝදනා දෙකකට මම වැරැදි කරු බව මා මෙහිදි පිළිගන්නවා” යැයි අල්ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් කනේරියා ප්‍රකාශ කළේය.
“අද මට මේ තීරණය ගැනීමට (පාපොච්චාරණය කිරීමට) තරම් ශක්තියක් තිබෙනවා. මොකද අපට බොරු සමඟ ජීවත් වෙන්න බැහැ” කනේරියා කීවේය.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd