තුර්කියේ ඉස්තාම්බුල් නුවර පාපන්දු ක්‍රීඩාංගණයක් ආසන්නයේ බෝම්බ දෙකක් පිපිරීමෙන් 29දෙනකු මිය ගොස් 166ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක් බෝම්බයක් මෝටර් රථයක අටවා තිබෙන්නට ඇතැයි ද අනෙක මරාගෙන මැරෙන බෝම්බ කරුවකු විසින් පුපුරුවා හරින්නට ඇතැයි ද විශ්වාස කරන බව බලධාරීහු පවසති.
තුර්කි රජය පවසන්නේ ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි. පිපිරීම සිදු වි ඇත්තේ තුර්කියේ ප්‍රධාන පාපන්දු කණ්ඩායම් දෙකක් අතර පැවැත්වුණු තරඟයක් අවසාන වී පැය දෙකකට පමණ පසුව බව ද ප්‍රෙක්ෂකයින් ඒ වනවිට ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගොස් සිටි බව ද ඔවුහු පවසති.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් පසුගිය කාලය පුරාම තුර්කියේ ප්‍රහාර රැසක්ම සිදු කරනු ලැබුවේ කුර්දිෂ් ත්‍රස්ත කණ්ඩායම් හා අයිඑස් කණ්ඩායම් විසින් බව වාර්තා විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ලංකාව ගැනත් මේ වගේ ප්‍රවෘත්ති තමයි ගියේ. (නි)