IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තායිවාන ජනාධිපතිනි නැවත ජනාධිපතිවරණයට


2020 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව තායිවාන වත්මන් ජනාධිපතිනි  සායි යින් වෙන් මහත්මිය පැවසුවාය.
 
තමන්ගේ ජනප්‍රියත්වය සහ බෙයිජිංවලින් මතුවන විරුද්ධත්වය මත ඇය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
තායිවාන ජනතාව අතර තමා සම්බන්ධව පැවති  දර්ශනය  සම්පූර්ණ  කිරීමට නැවත පත්වීම අවශ්‍ය බව පවසමින්  ඇගේ සැලසුම අනාවරණය කර ඇත.   
 
ඕනෑම  ජනාධිපතිවරයෙකුට රට වෙනුවෙන් ඕනෑවට වඩා වැඩ කරන්නට අවශ්‍ය බවත් ඒ සඳහා න්‍යාය පත්‍රයේ දේවල් අවසන් කිරීමට අවශ්‍ය බවත් ඇය පැවසීය.  
 
62 හැවිරිදි සායි යින් වෙන් මහත්මිය තායිවාන දේශපාල ඉතිහාසයේ පළමු ජනාධිපතිවරිය වන අතර 2016 වර්ෂයේදී ඇය ජනාධිපතිධූරය සඳහා තේරී පත්විය.
 
චීනය මත රදා පවතින තායිවානයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීම ඇගේ දේශපාලන පොරොන්දු අතර ප්‍රධාන වී ඇති අතර  නැවත ජනාධිපති වීම අභියෝගයක් බව ඇය පවසා ඇත.  
 
සායි යින් වෙන් මහත්මිය  නීති විශාරදවරියක් ලෙසද ඇය කටයුතු කරයි. 
 
63226


සී එන් එන් ඇසුරෙනි



අදහස් (0)

තායිවාන ජනාධිපතිනි නැවත ජනාධිපතිවරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site