
තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස සලකනු ලැබූ එරට හිටපු ජනාධිපති ලි තෙන්ග් හුයි මහතා මියයයි.
තායිවානයේ පැවති අත්තනෝමතික පාලනය අවසන් කිරීමට කැපවී ක්‍රියා කිරීමේ ගෞරවය හුයි මහතාට හිමිවේ.
මියයන විට ඒ මහතා 97 වැනි වියේ පසුවිය.
1988 වසරේ සිට 2000 වසර දක්වා ඔහු තායිවානයේ ජනාධිපති ධූරය හෙබවීය.
මාස 6 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු අවයව අකර්මණ්‍ය වීම හේතුවෙන් මරණයට පත්වී තිබේ
තායිවානය චීනයෙන් වෙන්ව පවත්වාගෙන යාම සඳහා ඔහු උත්සාහ දැරිය.
සිය පාලන සමයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ඔහු මූලකත්වය ගෙන ක්‍රියා කළ අතර සෘජුව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ගෙන ආ ප්‍රතිසංස්කරණ ද එහිදී වැදගත් වේ.
තායිවානයේ අභිමානය සහ අනන්‍යතාව ගොඩනගමින් ප්‍රජානත්ත්‍රවාදය ඇති කිරීමට හුයි මහතා අඩිතාලම දැමූ බව අභාවය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරමින් තායිවානයේ වත්මන් ජනපති සායි ඉන්ග් වෙන් මහතා සඳහන් කළේය.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිවානයේ හිටපු ජනාධිපති ලි තෙන්ග් හුයි මියයයි