තායිලන්තයේ දකුණුදිග නරතිවට් පළාතේදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදුකර ඇත.
මෙලෙස ඝාතනය කර ඇත්තේ රතනුපප් නමින් හැඳින්වෙන පූජ්‍යස්ථානයේ ප්‍රධාන සහ උප ප්‍රධාන හිමිවරුන් දෙදෙනාය.
හමුදා භටයන් ලෙස වෙස්වලාගත් පුද්ගලයන් හයදෙනකු පමණ ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව පොලිසිය පවසයි.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ ආගමික නායකයින් මෙම සාහසික ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත.
ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාරගෙන නොමැති අතර තායිලන්තයේ ක්‍රියාත්මක කැරළි කණ්ඩායම් විසින් මෙය සිදුකරන්නට ඇති බවට බොහෝ දෙනා මත පල කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ දී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) අවසර ලබා දී තිබේ. මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සොයා අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිදුකළ පරීක්ෂණවලට සම්බන්ධ තවත් සැකකරුවකු සොයා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සඟවා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ. සිද්ධියෙන් පසුව අදාල සැකකරුවන් සහ පුපුරන ද්‍රව්‍ය තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන තිබූ අතර එම සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් දෑ ඊයේ (17) කොළඹට රැගෙනවිත් තිබේ.. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුපුරන ද්‍රව්‍ය සඟවා තිබූ ඉඩම අවට වනාතවිල්ලුව පොලිසිය විසින් ආරක්ෂාව යොදවා තිබේ.