IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තන්හා රතී රඟා ලන්ඩනයේ රඟදෙති.

නිලේන්ද්‍ර දේවප්‍රිය විසින් අධ්‍යක්ෂණය කැරුණු "තන්හා රතී රඟා" චිත්‍රපටය ලබන (23) සෙනසුරාදා සවස 4.00ට උතුරු ලන්ඩනයේ හැරෝ නගරයේ සෆාරි සිනමා හලේ දීතිරගත විමට  නියමිතය.

ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලද මෙම චිත්‍රපටයේ කමල් අද්දරආරච්චි, ස්වර්ණා මල්ලවාරච්චි, නීටා ප්‍රනාන්දු, අනෝජා වීරසිංහ, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ සහ සුලෝචනා වීරසිංහ චරිත නිරුපනය කරති. 

තිස් වසරක් යුදමය වාතාවරණයක් පැවති, කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා ගෙතී ඇති කතාවක් මෙම චිත්‍රපටය සඳහා තේමාවී ඇත. 

මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවෙන් බැහැරව අන්තර් ජාතික සිනමා උත්සව වලදී ප්‍රදර්ශනයවී ඇතත් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහාම ප්‍රදර්ශනය කෙරෙන මුල් වතාව මෙය බව පවසන එහි අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේවප්‍රිය, තන්හා රතී රඟා නැරඹීම තුලින් සුවිශේෂි වු  සිනමා අත්දැකීමක් ලබාගත හැකිබවද අවධාරණය කරයි.

ගිය වසරේ අප්‍රේල් මාසයේදී නවදිල්ලි නුවර පැවති අන්තර් ජාතික සිනමා උළෙලෙහිදී හොඳම චිත්‍රපටය ලෙස තන්හා රති රඟා සම්මාන ලැබිය.



අදහස් (0)

තන්හා රතී රඟා ලන්ඩනයේ රඟදෙති.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site