IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඩුබායි රූ රැජින තරගය ගැහැණුන්ට තහනම්

ඩුබායිහි රූප සුන්දරිය තේරීමේ තරගය සඳහා විශාල තරගකාරියෝ රැසක් එක්සත් අරාබි එමීර් රාජයයේ ලිවා නගරයට එක් රැස් වී ඇති බව වාර්තා වේ. තරගයෙහි තේමාවෙන් කාන්තාවන් මුල් වුවත් මෙහි විශේෂත්වය වන්නේ මෙම තරගය සම්පූර්ණයෙන් කාන්තාවන්ට තහනම් තරගයකි.

තරගකාරිනියන් සියල්ල ඔටු දෙන්නුය. මෙහි අරමුණ කාන්තාවන්ට වඩා ඔටුවන් ලස්සන බව පෙන්වීම බව පැවසේ.

අයිතිකරුවන් දෙනුන්ගෙන් කිරි දොවා පෙන්වීමෙන් අනතුරුව ඔටු දෙනුන් දිවීමේ තරගයකට සහභාගි විය යුතුය.

තරගාවලියෙන් ජය ගන්නා ඔටු දෙනුන් සඳහා තොල් සැකසීම, කෘතිම ඇස් පිහාටු සහිතව රූපලාවන්‍ය සත්කාරයක් නොමිලේ ලබා දෙන අතර පවුම් මිලියන 2 ක මුදලක් පිරිනැමේ.

ඔටු දෙනුන් අයිතිකරුවන් දහස් ගණනක් තම ඔටුවන් සමග මාස ගණනක් සිට කාන්තාර පසු කරමින් මෙම ප‍්‍රදේශය කරා පැමිණෙති. එපමණක් නොව දහස් ගණනක් වියදම් කර ලස්සන ඔටු දෙනුන් මිළඳී ගෙන දින ගණනක් ගමන් කිරීමට අකමැති පොහොසතුන් තම සතුන් මෙහි ගෙන ඒමට හෙලිකොප්ටර් පවා කුලියට ගන්නේ කෙසේ හෝ තරගය ජය ගන්නා අරමුණෙනි.

‘කාන්තාවන්ට වඩා ඔටු දෙනුන් ලස්සන’ බව පෙන්වීමේ අරමුණින් මෙම තරගාවලිය පවත්වන බවත් ඔවුන්ට සමාන ලස්සනක් ඇති වෙනත් කිසිදු ජීවීයෙක් මේ මිහිමඬලේ නොමැති බව ඔවුන් අදහස් කරන බවත් තරගාවලියට සහභාගි වූ ඔටු දෙනුන් හිමිකරුවන්ගේ අදහසයි.

 

 



අදහස් (0)

ඩුබායි රූ රැජින තරගය ගැහැණුන්ට තහනම්

ජයලාල් Wednesday, 05 March 2014 06:10 PM

ඔන්න මොලේත(නදී)

:       0       0

චින්තක Wednesday, 05 March 2014 06:24 PM

කාන්තාවන්ට වඩා ඔටු දෙනුන් ලස්සන නම් පිරිමින්ට වඩා ඔටු නාම්බෝ ලස්සන ද ? අපි නම් ඔය පැත්තේ අයට කියන්නේ ඔටුවෝ කියලම තමයි. මේකත් නියම ඔටු වැඩක්.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 06 March 2014 09:54 AM

මෙන්න අරාබියේ කාන්තාවන්ට හිමිවෙන තැන (අ)

:       0       0

ජයතිලක Thursday, 06 March 2014 11:31 AM

ඔටු අයිති කාරයෝ කියන විදියට ඔටුවෝ, ඔයතරම්ම ලස්සනද කියලා මම නම් දන්නේ නැහැ.හැබැයි දත් ටිකනම් ගන්නම දෙයක් නැහැ. (නදී)

:       0       0

නිරාන් Wednesday, 05 March 2014 11:16 AM

ඔටුවොම තමයි.(නදී)

:       0       0

ලංකාසිරි Wednesday, 05 March 2014 03:13 PM

ඔව් ඉතින් ගොන් හරක්ට ඔටුවෝ ලස්සනට තමයි පේන්නේ.(නදී)

:       0       0

නාලක Wednesday, 05 March 2014 03:18 PM

" තරගකාරිනියන් සියල්ල ඔටු දෙන්නුය. මෙහි අරමුණ කාන්තාවන්ට වඩා ඔටුවන් ලස්සන බව පෙන්වීම බව පැවසේ." අන්න වැඩේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site