වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ මහතාගේ ආදායම් මාර්ග අඩුකිරිමට ට්‍රම්ප් පරිපාලනය උත්සහ කරන බව ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මහතා පවසයි.
මදුරෝ මහතා එක්සත් ජනපදය හා වෙනිසියුලාව අතර ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කපාහැරීමෙන් පසු මේ අදහස් දැක්වීය.
වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩෝනල්ඩ් ට්‍රම්ප් මහතා පිළිගැනීමෙන් පසුව මෙම තත්ත්වය ඇතිවිය.
ඇතිවී ඇති තත්ත්වය සංකීර්ණ බවත් විපක්ෂ නායකවරයාට අරමුදල් නංවාලීමේ වැඩපිළිවෙළක නිරතවී සිටින බවත් ධවල මන්දිරයෙන් පිටත සිටින වාර්තාකරුවන්ට බෝල්ටන් මහතා පැවසීය.
ග්වායිඩෝ මහතාට සහය පළ කිරිම රුසියාව ප්‍රතික්ෂේප කර තිබේ. ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙය ‘ලේ වැඟිරීමට මඟක් බව’ රුසියාව පවසා සිටියි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා විසින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් හෙට (26) පවත්වන ලෙස ඉල්ලා සිටියේය.
බීබීසි ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd