IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ට්‍රම්ප් නොමැතිව ආසියාන් සමුළුව ඇරඹේ

සිංගප්පූරුවේදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නොමැතිව සිංගප්පූරුවේ අගනුවර දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) ආරම්භ විය. 

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී නොවූවත් ආසියාන් සමුළුවට ඔහුගේ බලපෑම දැනෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධයත් අනෙකුත් රටවල් අනුගමනය කරන ආරක්ෂණවාදී පියවරත් නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිවනු ඇතැයි සමුළුවට සහභාගී වී සිටි අග්‍රාමාත්‍යවරයෙක් කීය.  

“වඩාත් කතාබහට ලක්වූ වඩාත් වැදගත්ම නායකයා වන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්. එහෙත් ඔහු මෙවර ආසියාන් සමුළුවට සහභාගි වන්නේ නැහැ. ඔහු නොපැමිණි පළමු අවස්ථාව මෙය” යැයි සිංගප්පූරුවේ අයි.එස්.ඊ.ඒ.එස්.  යුසොෆ් ඉෂාක් ආයතනයේ අධිශිෂ්‍ය මැල්කම් කූක් පැවැසීය. 

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නොපැමිණීම මධ්‍යයේ වුවද දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් බහුපාර්ශවීය සබඳතා පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කළහ. චීනයේ නියෝජිත එරට අග්‍රාමාත්‍ය ලී කචන්ග් එහි මූලිකත්වය ගත්තේය. 

“ලෝකය අද ආරක්ෂණවාදයකට මුහුණ දෙමින් සිටිනවා. ආරක්ෂණවාදය වර්ධනය වෙමින් තිබෙනවා. බහුවිධත්වය පවත්වාගෙන යෑමටත් නිදහස් වෙළෙඳාම ආරක්ෂා කිරීමට ලෝකය විසඳුම් සෙවිය යුතුයි. අපි සියලු දෙනා එකමුතු විය යුතු” යැයි ලී පැවැසීය. 

ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රංශයේ පැවැති පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමට සහභාගී වූ අතර එයින් පසු ඔහු සහ ආසියානු රටවල් අතර සබඳතාව තරමක් දුරට අඩු වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පළමු ලෝක යුද්ධයේ සියවස් සැමරුමේදී ඇමෙරිකාවේ මිත්‍ර රටවල නායකයන් අතර ජනාධිපති ට්‍රම්ප් හුදෙකලා වූ බව එම විචාරකයෝ පෙන්වා දුන්හ. 

ඇමෙරිකා ජනාධිපතිවරයා නිරායාසයෙන්ම ආසියානු රටවල් එකමුතු කරමින් සිටිනවා යැයි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සිංගප්පූරු ආයතනයේ සිමන් ටේ පැවැසීය. 

“ජනාධිපති ට්‍රම්ප් වුවමනාවෙන් කිසිවක් කර නැහැ. ඔහුගේ නොපැමිණීම, ඔහු ආසියානු රටවල් සමඟ සම්බන්ධ නොවීම,  ආසියාවේ ස්වභාවික සම්මතයට එරෙහි ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති යන කරුණු නිසා ආසියානු රටවල් එකමුතු වෙමින් සිටිනවා. ආසියානු රටවල් ඇමෙරිකාව සහ ට්‍රම්ප් නොමැතිව කටයුතු කරන්නේ කෙසේද කියා සොයා බලමින් සිටිනවා. ඔවුන් ඒ සඳහා සැලසුම් හදනවා” යැයි ද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. 

055



අදහස් (0)

ට්‍රම්ප් නොමැතිව ආසියාන් සමුළුව ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site