බීජිංහිදී (ඒ.එෆ්.පී/රොයිටර්)
තම පළමු ආසියානු සංචාරයේ තෙවැනි අදියරයට යමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් අද (8) චීනයට පැමිණියේය.
ඇමරිකා ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇත. ඇමරිකා ජනාධිපතිවරයා චීනයට පැමිණීමට පෙර දකුණු කොරියානු පාර්ලිමේන්තුව අමතමින් උතුරු කොරියාවට නැවත වරක් අනතුරු ඇඟවූ අතර චීනය තවදුරටත් උතුරු කොරියාව හුදෙකලා කළ යුතු යැයි ද අවධාරණය කළේය.
චීනයට පැමිණීමට පෙර චීන ජනාධිපතිවරයාගේ දේශපාලන ජයග්‍රහණය අගය කිරීමට ඇමරිකා ජනාධිපතිවරයා කටයුතු කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ප්‍රමුඛ චීනය කටයුතු කර තිබිණි.
ට්‍රම්ප් ජනාධිපතිවරයා තම බිරිඳ මෙලානියා ට්‍රම්ප් සමඟ සියවස් ගණනාවක සිට චීන අධිරාජ්‍යන්ගේ නිවහන වූ තහනම් නගරයේ ද සංචාරයක නිරත විය. එහිදි චීන ජනාධිපතිවරයා ඇමරිකා ජනාධිපතිවරයාට ආහාර වේලක් ද සූදානම් කර තිබූ අතර විදෙස් ජනාධිපතිවරයෙක් තහනම් නගරයේ සිට ආහාර ගත් පළමු අවස්ථාව ද මෙය විය.
මෙම සංචාරයත් සමඟ ලොව පළමු සහ දෙවන බලවත්ම පුද්ගලයන් දෙදෙනා බීජිං නුවරදී මුණ ගැසී තිබේ. එහෙත් ලොව බලවත්ම පුද්ගලයා ෂී ජින්පින්ග් ද නැතිනම් ඩොනල්ඞ් ට්‍රම්ප් ද යනුවෙන් විදෙස් මාධ්‍ය ජාත්‍යන්තරයට ප්‍රශ්නයක් යොමු කර තිබිණි.
055
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ට්‍රම්ප් චීනයට
kumara Wednesday, 08 November 2017 08:12 PM
ලොව බලවත්ම පුද්ගලයා පුටින් රුස්සිඅන් ජනාදිපති.