IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ට්‍රම්ප්-කිම් හමුවට සිංගප්පුරු ඩොලර් මිලියන 16.3 ක්

 

සිංගප්පූරුවේදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පැවැති හමුවට සිංගප්පූරු ඩොලර් මිලියන 16.3ක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 12ක්) වැය වූ බව සිංගප්පූරුව අද (24) නිවේදනය කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුවට වැය වූ මුදල සම්බන්ධයෙන් මීට පෙර පැවැති වාර්තා හේතුවෙන් එරට ජනතාව අතර යම් කනස්සලක් ඇති ව තිබූ අතර ඇතැම් පිරිස් එම හමුවට එතරම් මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර තිබිණි. 

හමුව සඳහා වැය වූ මුදලින් වැඩි මුදලක් වියදම් කරන ලද්දේ ආරක්ෂාවට යැයි ද නිවේදනයක් නිකුත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. කෙසේ නමුත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය ජූනි 12 වැනිදා පැවැති ට්‍රම් කිම් ඓතිහාසික හමුවේ වියදම සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් ඉදිරිපත් නොකළේය. 

ට්‍රම්ප්-කිම් හමුවේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් සිංගප්පූරුවට සිංගප්පූරු ඩොලර් මිලියන 20ක මුදලක් දැරීමට සිදුවනු ඇතැයි එරට අගමැති ලී සියැන් ලොන්ග් හමුවට පෙර ඇස්තමේන්තු කර තිබිණි. අදාළ මුදල උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ හෝටල් කාමර වියදම ද ඇතුළත්ව යැයි සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සඳහන් කළේය. 

කෙසේ නමුත් මෙම වියදම් සම්බන්ධයෙන් ඇතැම් සිංගප්පූරු වැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල කර තිබූ අතර මෙතරම් මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය ද පළ කර තිබිණි. “කලාපීය සාමය උදෙසා මෙතරම් මුදලක් ?” යනුවෙන් එක් අයකු විමසා තිබිණි. 

ට්‍රම්ප්-කිම් හමුවේ ඔස්සේ සිංගප්පූරුවට ලැබුණු ප්‍රචාරය එහි වියදම මෙන් දස ගුණයකට වඩා වැඩි යැයි අලෙවි කළමනාකරණ විශේෂඥයෝ පවසති. 

 



අදහස් (0)

ට්‍රම්ප්-කිම් හමුවට සිංගප්පුරු ඩොලර් මිලියන 16.3 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 754 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 455 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site