ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  මහතා එච්.අයි.වී වෛරසය වසර 10 ක් ඇතුළත  මර්දනය කිරීමට කටයුතු කරන බව පැවසුවේය.
 

කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසියේදී ඔහු මෙසේ පවසා ඇති අතර ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
 
එක්සත් ජනපදය මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයෙන් තොර විය යුතු බවත් ජාතික අයවැය යටතේ ඒ සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරන බවත් ඔහු පැවසුවේය.
 
 ඇමරිකාවේ සහ ඉන් ඔබ්බෙහි ඒඩ්ස් පරාජය කරන බවට ජනාධිපතිවරයා පැවසුවේය.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2018 වර්ෂයේ වාර්තාවට අනුව ලොව පුරා මිලියන 37 ක් පමණ එච්.අයි.වී. ආසාදිතයන් සිටින බව වාර්තා වී ඇත. 
 
(63226)