මොස්කව්හිදීය (රොයිටර්)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයා අසමත් වීම මිත්‍රශීලි නොවීමක් ලෙස නොසලකන බව ක්‍රෙම්ලීනය අද (20) නිවේදනය කළේය.
ව්ලැදිමීර් පුටින් ඉරිදා (18) සිව්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල නායකයන් ඔහුට ඒ සුබපැතුම් එක් කළේ නැත.
චීන ජනාධිපති ෂී ජින්පින්ග්, ඉරාන ජනාධිපති හසන් රොව්හානි , සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ඇතුළු ආසියානු හා ලතින් ඇමෙරිකානු රටවල් නායකයෝ පමණක් ඔහුට සුබ පැතුම් එක් කළහ.
ඇමෙරිකා ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් එය මිත්‍රශීලි නොවන ක්‍රියාවක් ලෙස නොසලකන බව ක්‍රෙම්ලීනය අද නිවේදනය කළේය.
“ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සුබ පැතුම් එක් කිරීමට අසමත් වීම මිත්‍රශීලි නොවීමක් ලෙස සලකන්නේ නැහැ. ඔබ දන්නවා, ජනාධිපති පුටින් සෑම විටම සබඳතා සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන්න විවෘතයි” යැයි ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක ද්මිත්‍රි පෙස්කොව් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් කියන සත්ව විශේෂය එකිනෙකට සුබපතා ගත්තට අනිකුත් සත්ව විශේෂයන් අතර එසේ පවතී යැයි අසා ඇත්ද?