IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක තුර්කියට යයි

උතුරු දිග සිරියාවට ප්‍රහාර එල්ල නොකරන්නැයි තුර්කියට ඒත්තු ගැන්වීමේ අරමුණින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මහතා අද (16) තුර්කිය බලා පිටත් විය.

තුර්කිය පසුගිය සතියේ බදාදා සිට උතුරු දිග සිරියාවේ ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරයි. එම ප්‍රදේශවල පාලන බලය ඇත්තේ කුර්දිවරුන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සටන්කාමීන් සතුව වන අතර ඇමෙරිකාව තමන්ට ද්‍රෝහී වූයේ යැයි ඔවුහු චෝදනා කරති. උතුරු දිග සිරියාවෙන් සිය හමුදා ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසීමත් සමඟ තුර්කිය එම ප්‍රදේශවල යුද මෙහෙයුම් ආරම්භ කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් එම තනතුරට පත්ව තවමත් ගතව ඇත්තේ මාසයකට ආසන්න කාලයකි. මෙම සංචාරයේදී රොබට් ඕ බ්‍රයන් මහතා තුර්කි විදේශ අමාත්‍ය මෙවුලුට් කවුසොග්ලු හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් මහතා සහ තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් මහතා අතර ද හමුවක් පැවැත්වීමට නියමිතය.

කුර්දිවරුන් ඇමෙරිකාවේ සමීප මිත්‍ර පාර්ශවයක් වන නමුත් තුර්කිය කුර්දිවරුන් ත්‍රස්තවාදීන් ලෙස සලකයි.

කිසිදු අවස්ථාවක කුර්දිවරුන් සමඟ සටන් විරාමයකට නොයන බව තුර්කි ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේය.  

(රොයිටර් ඇසුරිනි) 

055

 



අදහස් (1)

ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක තුර්කියට යයි

රවින් Thursday, 17 October 2019 06:14 AM

එයා ගහන පදේ කියලා දෙන්න වෙන්නැති. එතකොට තුර්කිය එයාට ඕනේ විදියට හොඳ නැටුමක් නටයිනේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site