IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයා ඉල්ලා අස්වෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් මහතා ඉල්ලා අස්වූ බව ධවල මන්දිරය නිවේදනය කරයි. 

ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ජනාධිපතිධුරයට පත්වීමට පෙර ඇමෙරිකා සම්බාධක සම්බන්ධයෙන් මයිකල් ෆ්ලින් මහතා එරට සිටින රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි චෝදනා එල්ල වී ඇත.

ඔහු බලධාරීන්ට වැරැදි තොරතුරු දුන් බවට අනාවරණය වී ඇත.ෆ්ලින් මහතා රුසියානු තානාපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකා නීතිපති දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබිණි. ෆ්ලින් මහතා රුසියාවේ ප්‍රාණ ඇපයට පත්වීමේ අවදානමක් තිබූ බව ද වාර්තා වෙයි. 

මේ අතර ෆ්ලින් මහතාගේ ඉල්ලා අස්වීමට පෙර ඔහු ධුරයෙන් නෙරපන්නැයි ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉල්ලා තිබූණී.මේ අතර විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් කීත් කෙලොග් මහතා වැඩබලන ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස පත් කර ඇත.

ඔහු හමුදාවේ වසර 30ක අත්දැකීම් ඇති අයකු වන අතර වියට්නාම, කාම්බෝජියා, පැනමා සහ ගල්ෆ් යුද්ධවලට සම්බන්ධ වී ඇත.කීත් මහතා පසුගිය ජනාධිපතිවරණය සමයේදී ට්‍රම්ප් මහතාගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළේය.



අදහස් (0)

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයා ඉල්ලා අස්වෙයි

අජිත් නිශ්ශංක Wednesday, 15 February 2017 06:19 PM

හොද හොද සෙල්ලම් එලිවන ජාමෙට! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site