ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රංශ කමිටුව විසින් සංවිධානය කරන ලද ඉල් මහ විරු සමරු උත්සවය පැරීසියේ දී පවත්වන ලදී.

හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ දැනට රටේ පවතින අර්බූදය හා රටේ අරාජිකත්වය ගැන විශේෂ දේශනයක් පැවැත්වීය.

සමාජ සේවකයකු මෙන්ම පැරීසියේ දෙමළ සංවිධානයේ සභාපති කුමාරසිංහම් මුතුකුමාර් මහතාද සභාව අමතා කථාවක් කළේය.

පැරීසියේ  සිංහල දෙමළ බොහෝ පිරිසක් මෙම  සමරු උත්සවයට සහභාගි වී සිටියේය.

 

සුනිල් ආනන්ද පැරීසියේ සිට