ඕස්ට්‍රේලියාවේ  ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්වී සිටින බව වාර්තා වේ. 


 ටවුන්ස්විල්  රොස් ගංගා හරහා ඇති වේල්ලේ වාන් දොරටු සම්පූර්ණයෙන්ම විවෘත කිරීමත් සමඟ මෙම ගංවතුර තත්ත්වය ඇති වී ඇත. 


 අද දින ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සමඟ වේල්ලෙන් තත්පරයකට ඝන මීටර් 1,900 කට ආසන්න ජල ධාරාවක්  නිකුත් කරනු ලැබේ.


 නිවාස 500 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර ප්‍රදේශ රැසක විශාල පිරිසක් අවතැන් වී සිටිති.වේල්ල පිලිබඳ අවිනිශ්චිතතාවය නිසා ගංවතුර ඇති ප්‍රදේශවලින් පිටව යාමට හදිසි සේවා ක්‍රියාත්මක කර ඇත.  


  අනතුරුදායක රිය ධාවනයන්ගෙන් වැලකී සිටින ලෙස ක්වීන්ස්ලන්ඩ් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිති.
 
 
මේ වන විට  අවතැන් වූවන් සඳහා ආපදා සහනාධාර ප්‍රදානය කිරීම ආරම්භ කර ඇත. 

63226