බි‍්‍රතාන්‍ය කිරුළ හිමි අලූත උපන් ජෝර්ජ් කුමරු (බෞතීස්ම කිරීමේ) උත්සවය පසුගියදා ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාළිගයේ රාජකීය දේවස්ථානයේදී පැවැත්විණි. මෙය රාජකීය ඥාතීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු විය.

බි‍්‍රතාන්‍ය කිරුළ හිමි තුන්වැනි පුරුක වැනි ජෝජ් කුමරුට මාස 3 සම්පූර්ණ වූවා පමණි. මේ සඳහා වැඩි මාධ්‍ය ප‍්‍රචාරයක් නොලැබුණුද ජෝජ් කුමරුගේ බව්තීස්ම උත්සවය සැමරීම සඳහා ජේම්ස් මාළිගය ඉදිරිපට ලන්ඩන් වැසියෝ දහස් ගණනක් පිරී සිටියහ.