රාජකීය විලියම් කේට් යුවල සමග ඕස්ට්‍රේලියාවට ගිය අට මාසයක් වයසැති ඔවුනගේ පුත් ජෝර්ජ් කුමරුට එරට පොඩි  දරුවකුගෙන් මංගල යෝජනාවක් ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රාජකීය පිරිසගේ පැමිණීම බැලීමට ආ පුද්ගලයකුගේ කුඩා දියණියකගේ උඩු ඇඳමෙහි ‘මා විවාහකරගන්න‘ යැයි සඳහක් කර තිබීම මේ මංගල යෝජනාව යැයි ද එම මාධ්‍ය කීවේය.

කුඩා ජොර්ජ් කුමරු බ්‍රිතාන්‍ය ඔටුන්නේ තුන් වැනි උරුමකරුය.