IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජපන් අගමැතිගේ ජනප්‍රියත්වය අඩුවෙයි

ටෝකියෝහිදීය (රොයිටර්)
 
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සම්බන්ධයෙන් කළ මත විමසුකමදී ඊට ඡන්දය භාවිත කළ පිරිසෙන් අඩකට ආසන්න පිරිසක් අබේ අගමැතිධුරයෙන් ඉවත් විය යුතු බව සඳහන් කරමින් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 

ඥාතී හා මිත්‍ර සංග්‍රහය සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වීමත් සමඟ මෙම ජනමත විමසුම පැවැත්විණි. 
ජපානයේ අසාහි පුවත්පතේ මූලිකත්වයෙන් මෙම සමීක්ෂණය සිදු කර තිබුණි.  

අගමැති අබේ සහ ආණ්ඩුව ඉවත් විය යුතු බව ඡන්දය භාවිත කළ පිරිසෙන් සියයට 48ක මතය වී තිබිණි. එසේ කිරීමේ අවශ්‍යතාවක් නැති බව සඳහන් කරමින් ඡන්දය භාවිත කර තිබුණේ සියයට 39ක් පමණි. එමෙන්ම මීට මාසයකට පෙර දත්ත හා සැලකිල්ලට ගැනීමේදී අගමැති අබේට සහාය දැක්වූ පිරිස සියයට 32.6 සිට සියයට 11.7 දක්වා අඩු වී තිබෙන අතර ජපාන අගමැතිවරයාට සහාය නොදැක්වූ පිරිස සියයට 13.2 සිට සියයට 54.9 දක්වා වැඩි වී තිබේ. 

ජපාන රජයට අයත් ඉඩමක් අගමැති අබේගේ බිරිඳගේ හිතවත් පාර්ශවයකට විශාල වට්ටමක් සහිතව අලෙවි කිරීම ඇතුළු ඥාතී හා මිත්‍ර සංග්‍රහ එලෙස එල්ල වී තිබෙන චෝදනාය. වසර 2012 දී බලයට පැමිණීමෙන් පසු අබේ මුහුණ දී තිබෙන විශාලතම දේශපාලන අර්බුදය මෙය වන අතර ධුරයෙන් ඉවත් වන ලෙසට ඔහුට විපක්ෂ කණ්ඩායම්වලින් දැඩි බලපෑමක් ද එල්ල වී තිබේ. 
 
“මෙම අර්බුදය ආණ්ඩුව හෙල්ලීමකට ලක් කර තිබෙනවා. පරිපාලනය සම්බන්ධයෙන් ජනතවාගේ විශ්වාසය හීන වී තිබෙනවා. එහි වගකීම මා බාර ගන්නවා. ඒ වෙනුවෙන් මම ජනතවාගෙන් සමාව ඉල්ලනවා” යැයි චෝදනාවලට පිළිතුරු දෙමින් ඉරිදා (25) පක්ෂයේ වාර්ෂික සම්මේලනයේදී අදහස් දක්වමින් අගමැති අබේ කීය.  
 
චෝදනා හා කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවත් මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට වගා බලාගන්නා බවත් හෙතෙම පොරොන්දු විය. කෙසේ නමුත් අගමැතිධුරයෙන් ඉවත් වන බවක් ඔහු කීවේ නැත.
 
එමෙන්ම අදාළ ඉඩම අලෙවි කිරීමේ කටයුත්තට තමා හෝ තම බිරිඳ සම්බන්ධ වූයේ නැතැයි ද චෝදනා ප්‍රතික්ෂේප කරමින්  අබේ අගමැතිවරයා කීය.  
 
055



අදහස් (0)

ජපන් අගමැතිගේ ජනප්‍රියත්වය අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site