IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති තාත්තාට නොකියා පුතා රුසියානු නීතිඥවරිය හමුවෙලා

තමන් රුසියානු නීතිඥවරියක හමු වූ බව පියා දැන සිටියේ නැතැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ පුතු ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ) පැවැසීය.

මෙම රුසියානු නීතිඥවරිය ට්‍රම්ප් මහතාට ජනාධිපතිවරණයෙන් ජයගැනීමට සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වී තිබේ.

“එය එතරම් දෙයක් නෙමෙයි, ඔහුට කියන්න තරම් දෙයක් තිබුණේ නැහැ” යැයි ෆොක්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුත් ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ) පැවැසීය.

රුසියානු නීතිඥවරිය හා සන්නිවේදනය වූ ඊමේල් පණිවිඩ ද ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ට්‍රම්ප් මහතාගේ පුත්‍රයා කටයුතු කර ඇත. රුසියානු නීතිඥවරිය ක්‍රෙම්ලීනය සමඟ ද සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙන අතර  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියට හානිදායක අන්දමේ තොරතුරු ද ඇය සතුව තිබී ඇතැයි වාර්තා වේ.

පසුගිය වසරේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන පැවැත්වෙයි.

රුසියාව ක්ලින්ටන් මහත්මියගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවත් ඩිමොක්‍රටික් පක්ෂයේ පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත සහ තොරතුරු වෙනස් කළ බවත් රුසියාවට චෝදනා එල්ල විය. කෙසේ නමුත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

තමන් රුසියානු නීතිඥවරිය මුණ ගැසුණු බව පියා නොදන්නා බව ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ) දිගින් දිගටම පවසන අතර රුසියාව ද එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඔබ මේ සම්බන්ධයෙන් පියාට කීවා නම් කුමක් සිදුවන්න තිබුණා දැයි ෆොක්ස් පුවත්සේවයේ මාධ්‍යවේදී සීන් හැනිටි ට්‍රම්ප් මහතාගේ පුතුගෙන් විමසූ අවස්ථාවේදී එය එතරම් දෙයක් නොවන බව පැවැසීය.

“එය එතරම් දෙයක් නෙවෙයි. තාත්තට කියන්න තරම් දෙයක් වුණේ නැහැ. ඔබ හාර අවුස්ස අවුස්ස අහනකන් මට ඒ ගැන මතක තිබ්බෙත් නැහැ. ඒ ගැන කතා කරපු කාලෙත් අපරාදේ” යැයි ඇමෙරිකා ජනාධිපතිවරයාගේ පුත්‍රයා පැවැසීය.

ජනාධිපතිගේ පුත් ඩොනල්ඞ් ට්‍රම්ප් (කණිෂ්ඨ), ඔහුගේ මස්සිනා වනා ජාඞ් කෘෂ්නර් සහ ජනාධිපතිවරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පෝල් මැනෆෝට් 2016 වසරේ ජූනි මාසයේදී නිව්යෝක් නුවර පිහිටි ‘‘ට්‍රම්ප් ටවර්‘‘ හිදී රුසියානු නීතිඥ නතාලියි වෙසෙල්නිට්ස්කයා මුණ ගැසී ඇතැයි කියැවේ.  

ඒ.එෆ්.පී/රොයිටර් 055



අදහස් (3)

ජනපති තාත්තාට නොකියා පුතා රුසියානු නීතිඥවරිය හමුවෙලා

විස්වජිත් Wednesday, 12 July 2017 10:58 AM

එතකොට තාත්තා කවුද?

:       11       1

Susil Thursday, 13 July 2017 04:22 AM

මේ තාත්තලා , පුතාලා හරි බබ්බු,

:       0       2

de silva Thursday, 13 July 2017 07:03 AM

ඔන්න පුත්‍ර සමාගම් ක්‍රමය ලංකාවෙන් ඇමෙරිකාවටත් බෝ වෙලා , ඉදිරියට බටහිර ජාතිකයෝ ලංකාවට ඒවි දේශපාලන ඉගෙන ගන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site