කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වීමෙන් පසු සුවය ලබමින් සිටින වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට වෙනිසියුලානු රජය පෙරේදා (16) කටයුතු කළේය.
චාවේස් ඔහුගේ දියණියන් දෙදෙනා සමඟ සිටින අයුරු එම ඡායාරූපවල දැක්වේ. පිළිකා සැත්කමින් පසු අසාධ්‍ය තත්ත්වයක සිටින චාවේස්ගේ ඡායාරූප ප‍්‍රසිද්ධ කිරීමට වෙනිසියුලානු රජය කටයුතු කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.
සැත්කමින් පසු ස්වසන ආබාධයකට ලක් වූ චාවේස්ගේ තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින නමුත් තවමත් ඔහුට කතා කිරීමට හැකියාවක් නොමැති බව වෙනිසියුලානු රජය නිවේදනය කරයි.
|
| චාවේස් සිය දියණියන් දෙදෙනා සමඟ සිටින අයුරු |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිරෝගී සුව ලැබේවා...! . (ස)
ඔබට ඉක්මන් සුවය ලැබේවා!(නදී)
හොද පුවතක්. (නි)
නිරෝගී සුව ලැබේවා. (ත)
ඔබට නිරෝගී සුවය ලැබේවා.(නදී)
ඔබතුමා එන්න අපේ රටට. (නි)
මෙන්න නියම නායකයෝ. (නදී)