දින තුනක් තිස්සේ කයිරෝ නුවර පැවැති ජනතා විරෝධය උත්සන්න වී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උග‍්‍රවීමත් සමඟ ඊජිප්තු ඇමැති මණ්ඩලය පෙරේදා (21) ඉල්ලා අස්වීමට තීරණය කළේය.පසුගිය පෙබරවාරි මාසයේ දී ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් නෙරපා හැරීමෙන් පසු ඊජිප්තුවේ පාලනය හිමිවූයේ හමුදා පාලක මණ්ඩලයකටය. ඊජිප්තු ඇමැති මණ්ඩලය පිහිටුවූයේ එම හමුදා පාලක මණ්ඩලය යටතේය.කැබිනට් ප‍්‍රකාශක මොහොමඞ් හෙගාසී නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ අගමැති එසාම් ෂරාෆ් සිය ඉල්ලා අස්වීමේ ලිපිය හමුදා පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවය. ඊජිප්තු රජයේ රූපවාහිනී නාලිකා මුලින් වාර්තා කර තිබුණේ එම ඉල්ලා අස්වීම හමුදා මණ්ඩලය ප‍්‍රතික්ෂේප කළ බවය.එළැඹෙන 28 වැනිදා ඊජිප්තුවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර අගමැති එසාම් ෂරාෆ්ගේ ඉල්ලා අස්වීමත් සමඟ එම කටයුතු සියල්ල අවුල් වනු ඇත. ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් නෙරපා දැමීමෙන් පසු ඊජිප්තුවේ පැවැත්වීමට නියමිතව තිබුණු ප‍්‍රථම මැතිවරණය එය වෙයි.ඊජිප්තුවේ යළිත් වරක් විරෝධතා ඇරැුඹුණේ ඉකුත් සෙනසුරාදා (19) ය. කයිරෝ නුවරට රැුස් වූ දහස් ගණනක් ඊජිප්තු වැසියන් හමුදා පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ වහාම සිවිල් පාලනයක් ස්ථාපිත කරන ලෙසය. 2012 වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව ද ඔවුහු කියා සිටියහ. විරෝධතා පැවැත්වුණේ තරීර් චතුරස‍්‍රයේදීය.හමුදා පාලක මණ්ඩලය එම විරෝධතා මර්දනය කිරීමට ආරක්ෂක අංශ යෙදවූ අතර දෙපිරිස අතර දරුණු ගැටුම් හට ගැනිණි. එම ගැටුම් දින තුනක් තිස්සේ පැවැතුණු අතර සිවිල් වැසියෝ විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 1,800 කි. පොලිසිය කියා සිටියේ දස දහස් ගණනක් දෙනා විරෝධතා සඳහා තරීර් චතුරස‍්‍රයට රැුස්ව සිටි බවය.විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා පොලිසිය යෙදවීමට හමුදා පාලක මණ්ඩලය සහ අගමැති එසාම් ෂරාෆ් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් සංස්කෘතික ඇමැති එමාඞ් අබු ඝාසී ඉකුත් ඉරිදා (20) ධුරයෙන් ඉවත් වූයේය.
2025 දෙසැම්බර් මස 04
528
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනතා විරෝධය හමුවේ ඊජිප්තු ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වේ