කොස්ටාරිකා  ජාතික වනජීවි ඡායාරූප ශිල්පී ඇන්ටොනියෝ රුයිස්හට බිහිසුණු වන සතුන්ගේ ඡායාරූප ගැනීමට තිබුණේඋන්මාදයකි. දිනෙක සිය මිතුරන් පිරිසක්ද කැටුව කිඹුලන්ගෙන් පිරීගත් නදියක් සොයා යන ඔහු ඉවුර මත කැමරාව අටවාගෙන ඉහළින් සිටින මිතුරන්ට උපදෙස් දෙන්නේ තමන් අසළ ජලයට වැටෙන සේ මස්කැබළි විසි කිරීමටයි.එම මස් කැබළි කෑමට පොරකන කිඹුලන් ඔහු ඡායාරූප ගත කළේ උද්‍යෝගයෙනි.

බඩගිනි වැඩි වූ කිඹුලකු ඇන්ටෝනියෝ වෙත කිට්ටු කරන්නේ මේ අතරතුරය.ඡායාරූප ගනිමින් සිටින ඇන්ටෝනියෝටත් මස් විසිකරමින් කිඹුලන් නරඹමින් සිටි මිතුරු කැළටත් ඒ ගැන නිනව්වක් නොවීය.සෙමින් සෙමින් ඇන්ටෝනියෝ වෙත කිට්ටු වන කිඹුලා ඇන්ටෝනියෝගේ පාදයෙන් අල්වා ගැනීමට කට අරිත්ම එය ඇසගැටෙනා මිතුරෙකු ඇන්ටෝනියෝට අනතුරු හගවන්නේ මහ හඩිනි.තිගැස්සේන ඇන්ටෝනියෝ අනූනවයෙන් මරණයෙන් ගැළැවීමට වාසනාවන්ත වන්නේය.

මේ සියල්ල කැමරාවක පටිගත විය.