ලන්ඩන්හිදීය (රොයිටර්ස්)
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන එරට පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් අද (11) විශේෂ හා හදිසි විවාදයක් පැවැත්වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එරට අගමැතිනි තෙරේසා මේ ගන්නා ලද තීරණය පිළිබඳව ඡන්ද විමසීමක් ඊයේ (10) පැවැත්වීමට නියමිතව තිබිණි.
එහෙත් විවාදයෙන් පසුව ඡන්ද විමසීම කල් දැමීමට බ්‍රිතාන්‍ය අගමැතිනිය තීරණය කළාය.
ඡන්ද විමසීම පැවැත්වූයේ නම් අගමැතිනිය ඉන් පරාජය පත්වන්නට වැඩි ඉඩක් තිබිණි. අද විවාදය පැවැත්වෙන්නේ ඇයගේ තීරණය සම්බන්ධයෙනි.
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය, කතානායක ජෝන් බර්කොව්ගෙන් කරන ලද ඉල්ලීමක් සළකා බලමින් මෙම විවාදය කැඳවා ඇත.
“ආණ්ඩුවට ඒකපාර්ශවීයව වෙනස්කම් කරන්න බැහැ. විශේෂයෙන්ම ආණ්ඩුව නියමිත කාලසීමාවක් සම්බන්ධයෙන් එකඟතාව පළකර තිබියදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කැමැත්තක් නොමැතිව එසේ කරන්න බැහැ” යැයි කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් කීය.
කම්කරු පක්ෂය කරන ඉල්ලීමට තෙරේසා මේගේ කන්සර්වේටිව් පක්ෂයෙන් ද සහයෝගය හිමිවීම විශේෂිත කරුණකි.
මේ අතර සෙංකෝලය පැහැර ගැනීමට කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු උත්සාහ කළ අතර පසුව ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලදී.
සෙංකෝලය පැහැර ගැනීමට ඔහු ගන්නා ලද උත්සහාය ඓතිහාසික හා විශේෂිත අවස්ථාවක් යැයි ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. පාර්ලිමේන්තුවේ කටයුතු නැවැත්වීම ඔහුගේ අවශ්‍යතාව වූ බව පසුව වාර්තා විය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට බහුතරය නැත්නම් සෙන්කෝලේ විතරක් පැහැරගෙන මදි... වතුර, පුටු සහ මිරිස්කුඩු ප්‍රහාර දෙන්න ඕනේ. යෝජනාව පරාද වෙනබව පෙනෙනවා නම් ආණ්ඩු පක්ෂයට පුළුවන් පාර්ලිමේන්තුව වර්ජනය කරන්න. අවශ්‍ය නම් ලංකාවෙන් හොඳ පුහුණුකරුවෙක් ගෙන්වාගන්න වැඩේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.