IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


ඡන්ද නීති කැඩූ හිටපු ජනපතිට ලක්ෂ 650ක් දඩ

ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායමේ ප‍්‍රධාන පක්ෂයවු යුඑම්පි පක්ෂය හෙවත් දක්ෂිණාංශික පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි පසුගියදා පත්වුයේය. ඔහු සමග සමාජිකයෝ දෙදෙනෙක්ද එම තනතුරට තරග වැදු‍ණෝය. පක්ෂ සමාජික ඡන්දයෙන් සියයට 64ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් හිටපු ජනාධිපති පළමු වටයෙන්ම සුදුසුකම් ලැබුවේය.

2012 දී ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඍජු දේශපාලනයට නැවත වරක් ඔහු පැමිණියේ පසුගිය පක්ෂ මැතිවරණයත් සමගය. සභාපති වීමෙන් දින තුනකට පසු යුරෝ ලක්ෂ 4කට ආසන්න (රුපියල් ලක්ෂ 652ක්) ඔහුගේ මුදල් චෙක් පතක් පක්ෂයට ලබා දුන්නේය.

ඔහු ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඒ වනවිට පක්ෂ ලේකම් තනතුර දැරූ ජෝන් ප‍්‍රංශුවා කොපේ මාස 4ක පරිවාස කාලයක් පක්ෂයේ ප‍්‍රධානියා වුයේය. ඉන්පසු සභාපති තනතුර සදහා ඔහු හා එම පක්ෂ සමාජික හිටපු අගමැති ප‍්‍රන්ශුවා පියොන් අතර තරගයේ තියුනු සටනකින් කොපේ ජය ලැබුවද එම ජයග‍්‍රහානය පක්ෂය තුළ ප‍්‍රශ්න ගනනාවක් ඇති කළ බීජය වුයේය. හොර ඡන්ද භාවිතයක් සිදුවී ඇති බව සැලවීම එම බීජයට ප‍්‍රධාන කරුණ වුයේය. එබැවින්  එම මැතිවරණ ජය ඉහළ උසාවිය දක්වා ගමන් කරමින් පක්ෂය තුළ විශාල පිපිරීමක් ඇති කළේය.

මේ අතරතුර ඊට සමාන්තරව ජනාධිපති වරප‍්‍රසාද රැකවරණයේ සිටි හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතාට එරෙහිව විවිධ චෝදනා ඇතුළත් ගොනුවක් ඉහළ උසාවි වල විභාග වෙමින් පැවැතුනේය. ඒ අතරින් ප‍්‍රංශ ජාතික කෝටිපතිනියක් වන ලෙරොයාල් සමාගම හිමිකාරියවූ ලිලියන් බෙතන්කූර් මහත්මියගෙන් මුදල් ලබා ගැනීම, එවකට ලිබියානු නායක ගඩාපි හා සාර්කෝසි අයථා  මුදල් ගනුදෙනුව, කෝටිපති ව්‍යාපාරික එකල අඩිඩාස් සමාගමේ හිමිකරු බර්නාඞ් තපී මහතාට රාජ්‍ය බැංකුවකින් අයථා  ලෙස මුදල් ගෙවීම, පකිස්ථානය සමග කල අවි ගනුදෙනු වල විනිවිද භාවය නොමැතිවීම ,ඉහළ උසාවියේ විනිසුරුවන්ට අයුතු බලපෑම් සිදු කිරීම ආදි ප‍්‍රධාන වේ. එනමුදු මේ වනතුරු ඉහත කිසිදු චෝදනාවකට ඔහු වැරදිකරුවෙකු නොවේ.

එහෙත් සමහරක් වෝදනා සඳහා සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට සිදුවී ඇති හෙයින් ඉහළ විනිසුරුවන් ඉදිරියේ ප‍්‍රශ්න කිරීමටද ලක් වූයේය. ඉහත කරුණු එලෙස සිදුවෙමින් පවතින අතරතුර 2012 ජනාධිපතිවරණයේදි සාර්කෝසි මහතා ප‍්‍රංශ ව්‍යවස්ථාගත නීතියට පටහැනිව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වියදම් කර ඇති බව එම කාර්ය හිමි කොමිසමෙන් ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව යුරෝ ලක්ෂ 4කට ආසන්න මුදලක් අනුමත සීමාව ඉක්මවා ඇති හෙයින් එයට ඔහු වැරදිකරුවී එම මුදල රජයට ගෙවීමට සිදුවූයේය. ඔහු නියෝජනය කළ පක්ෂයට එම වගකීම පැවැරුණු හෙයින් එම මුදල ගෙවා දැමීමට පක්ෂයට සිදුවු අතර කෝප්ප, ටී ෂර්ට් ප‍්‍රතිමා ආදිය විකුණමින් හා ආධාර වලින් දඩ මුදල ගෙවා අවසන් කිරීමෙන් පක්ෂය බංකොලොත් වුයේය. මේ හේතුවෙන් හිටපු ජනාධිපති ලෙස සාර්කෝසි සම්ප‍්‍රදායිකව නියෝජනය කළ ප‍්‍රංශ ව්‍යවස්ථාදායක මණ්ඩල සමාජිකත්වයෙන්  අස්වීමට සිදුවුයේය. මේ අතර තුර ප‍්‍රංශ ජන මාධ්‍ය කළ හෙළිකිරීමකට අනුව ඔහුගේ ජනාධිපතිවරනයේදි පක්ෂයේ මුදල් අයථා හා වංචාකාරි ලෙස යොදා ගෙන ඇති බව ගිනුම් වාර්තා ගොනුවක් මාධ්‍ය මඟින් හෙළිවීමෙන් එවකට පක්ෂ නායක ජෝන් ප‍්‍රංශුවා කොපේ හා බිග් මැලියොන් ප‍්‍රකාශන සමාගම වැරදි කරුවන් වුයේය. එමනිසා කොපේටසභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවු අතර මෙවැනි පරිසරයක දැඩි වියවුල් තත්වයට පත්වූ පක්ෂය ගොඩ ගැනීමට නිකොලා සාර්කෝසිට සිදුවුයේය.

ප‍්‍රංශ මැතිවරණ නීතියට අනුව එක් එක් ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප‍්‍රචාරක කටයුතු වලට වියදම් කළ හැකි මුදල් ප‍්‍රමාණයේ උපරිම සීමාවක් ඇත්තේය. සීමාව පසු කරන්නා වරදකරුවෙකි හා දඩ මුදලකට යටත් වෙයි. ඉහත සීමා නීර්ණයන්ට අනුව ජනාධිපතිවරණයේ පළමු හා දෙවැනි වටයේ අපේක්ෂක මැතිවරණ වියදම් උපරිම සීමාව යුරෝ ලක්ෂ 23කි. ඒ අතරට යුරෝ ලක්ෂ 228ක මුදලක් සියලූම ජනාධිපති අපේෂකයන්ට රජය විසින් සමව බෙදා දෙනු ලැබේ. මේ අනුව 2012 ජනාධිපතිවරණයේ පළමු වටයේ අපේක්ෂකයන්වූ සමාජවාදි අපේක්ෂක ඔලොන්ද් යුරෝ ලක්ෂ 21.6ක් (රුපියල් ලක්ෂ 3,466.44) ද, මරී ලෙපෙන් ලක්ෂ 9.1(රුපියල් ලක්ෂ 1,460.40), ප‍්‍රන්ශුවා බයරූ ලක්ෂ7 (රුපියල් ලක්ෂ 1,123.38), මෙලොන්චොන් ලක්ෂ 9.5 (රුපියල් ලක්ෂ 1,524.59) ක් ලෙස මැතිවරණ විගණන වාර්තා හෙළි කළේය.

හිටපු ජනාධිපති සාර්කෝසි මහතා ඉහත සීමාව අවසරයකින් තොරව වියදම් කර ඇති බව හෙළිවීමෙන් ඔහුට දඩ මුදලකට යටත්ව වැරදි කරුවෙකු වුයේය. මෙවර නැවත වරක් පක්ෂ සභාපතිවූ ඔහු මුලින්ම ගෙවා අවසන් කළේ ඉහත දඩ මුදලය.

එසේ වුවද ඔහුගේ මැතිවරණ ප‍්‍රචාරණයට කටවුට් වියදම් අයත් නොවන්නේය. එසේ නොවුනි නම් දඩ මුදල දස ගුණයක් වීමට ඉඩ තිබුනි. නමුත් එසේ නොවුයේය. ප‍්‍රංශයේ කිසිම මැතිවරණයක කටඅවුට් භාවිතයක් නොමැත.

ප‍්‍රංශ මැතිවරණ වල කටඅවුට් තහනම්ය. රජවරු, ලෝක ජන නායකයන්, රාජ්‍ය නායකයන්, ප‍්‍රභූවරුන් නිතරම ගැවසෙන නගරයකි පැරීසිය. වසර පුරා එවැන්නෝ පැමිනෙන්නෝය. එසේ වුවද ඔවුන් කිසිවෙක් පිළිගැනීමට කටඅවුට් ප‍්‍රදර්ශන ප‍්‍රංශයේ ඇත්තේම නැත. එවැනි තහනමක් නොවූයේ නම්  වසර පුරා පැරීසිය කටඅවුට් වලින් වැසිගිය නගරයක් වන්නේය. වාසනාවකට එසේ සිදුවී නොමැත. එබැවින් අදටත් පැරීසිය සුන්දර නගරයකි. කටඅවුට් ප‍්‍රදර්ශණය පරිසරය දුෂීත කරයි. පරිසරය අවලස්සන කරයි. දැස විඩාවට පත් කරයි. අනතුරු ඇති කරවයි. උපහාසයෙන් නරඹයි. මුමුනමින් නරඹයි.

පරිසරයේ සරල හා නිහඬ බව විනාශ කරයි.

ප‍්‍රංශ ජන සමාජය කටඅවුට් සංදර්ශන සදහා දක්වන්නේ ඉහත ආකල්පයන්ය. යුරෝපයේ බොහෝ රටවල් එසේය. ඔවුහු පරිසරය ලස්සනට තබා ගැනීමට බොහෝ වෙහෙසෙති. දකුණු ආසියාතික රටවල ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් උඩු යටිකුරු පරිසරයකි. සමහරක් රටවල දුර මණින මිණුම් දන්ඩ කටඅවුට් දන්ඩට සමපාත කර ඇත්තේය. ඒ අනුව අගනුවර සිට ගෙදරට ඇති දුර ප‍්‍රමාණය කටඅවුට් ගණනින් පැවැසීමට පුරුදුවී සිටිති. සමහරක් රටවල රට වැසියෝ ඡන්ද ප‍්‍රකාශ කරනුයේ කටඅවුට් නැරඹීමෙන්ය. සමහරෙක් කටඅවුට් නමදිති. එබැවින් එවැනි දේශ මැතිවරණ සමයට කටඅවුට් වලින් පිරී ඉතිරී ඇත්තේය. එවැනි රටවල් ලෝකයේ බොහෝ ඇත්තේය. එනමුදු ප‍්‍රංශය එයට අයත් නොවන්නේය.

Franch-election-posters jean-françois-copé Nicolas-sarkozy

 

 

 

 



අදහස් (0)

ඡන්ද නීති කැඩූ හිටපු ජනපතිට ලක්ෂ 650ක් දඩ

සල්ගාදු ප්‍රංශය Wednesday, 24 December 2014 12:28 PM

මෙයාට උපදින්න තිබුනේ ලංකාවේ. එහෙනම් අදත් වීරයෙක් වගේ හොරකම් කරලා ඉන්න තිබ්බා. ඕවා ප්‍රංශයේ උනාට ලංකාවේ වෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

ලාල් Thursday, 25 December 2014 04:53 AM

මේව බලලවත් හැදෙන්න බලන්න.බල තන්හාවෙන් පිස්සු වැඩ නොකර. (ස)

:       0       0

සංජීව Wednesday, 24 December 2014 12:55 PM

ප්‍රංශයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (නදී)

:       0       0

පද්මිණී Friday, 26 December 2014 08:12 AM

පුරුවේ කල පිනකට ප්‍රංශයේ පොළොව ස්පර්ශ කරන්ට ලැබුණා. එහෙත් මගේ පැතුම මගේ සුන්දර ලංකාව නුදුටු දිනයක මේ වගේම රටක් වේවා කියලා. (නදී)

:       0       0

නුවන් Saturday, 27 December 2014 02:17 PM

මිනිසත් බව ලබල ඉපදෙන්නේනේ කම් සැප විඳලම මැරිලා යන්නම නෙමෙයි. පින් කරගන්න. (ර)

:       0       0

පුෂ්පසිරි අල්විස් Thursday, 25 December 2014 03:29 PM

මගේ නම් පැතුම මා මැරුනත් නැවත ලංකාව වගේ රටක ඉපදීමක් නොලබා , ප්‍රංසය හෝ සමාන රටක උපදින්නට කියා , මොකද නිදහසේ මානුෂික අයිතිවාසකම ලබමින් සතුටින් ජීවත්වන්නට (අ)

:       0       0

නුවන් Monday, 29 December 2014 07:01 PM

අල්විස් අය්යාගේ කටේ මසුරන් දාන්න වටිනවා. බොහෝ දෙනෙක් දන්නේ නෑ අපායෙන් බේරිලා සුගතියට යන දොර තියෙන්නේ අපේ මවු බිමේ කියලා. තාවකාලික සැප තියෙන අපායට ලිස්සලා, උත්සාහයක් නැතිවම යන්න පුළුවන් රටවල් සැපයි ලු. ආයෙත් ඔය වගේ රටක නෙමෙයි මුලින්ම අඩු ගන්නේ මනුස්ස ලෝකෙ ඉපදෙන්න පින් කරන්න. මතකනේ උපමාව "නිය පිටට ගත් පස් ටිකක්" වගේ දුර්ලභයි. (ර)

:       0       0

සමන්ති Thursday, 25 December 2014 11:55 PM

බැංකු වලට පොලු තියලා ඒවා කපාහරින ක්‍රමවේදයක් එහෙම ප්‍රංශයේ නැද්ද? (නි)

:       0       0

අනිල් Friday, 26 December 2014 12:10 AM

නියමයි පුෂ්පේ... (නි)

:       0       0

චම්පා ගලගෙදර පැරිසිය Wednesday, 24 December 2014 06:36 PM

ලංකාවත් ප්‍රංශය වගේ නම් මොන තරම් වාසනාවන්ත රටක් වේවිද ? (නදී)

:       0       0

ලාල් Monday, 29 December 2014 02:23 AM

" අහෝ බඩක් නිසා රටක් නසින හැටි"..ඒ කියමන වර්තමානයෙ පවතින ක්‍රමයට හොදට ගැලපෙනවා නේද අල්විස්?(නදී)

:       0       0

අල්විස් Sunday, 28 December 2014 07:23 AM

ලංකාව ප්‍රංශය හා සමාන කරන්න උත්සහ ගැනීම මෝඩ ක්‍රියාවක්. ප්‍රංශය අද ඔහොම තිබුනට, එදා ලංකාවට හපන්. ජනතාව කැරලි ගසා සිය අයතිවාසිකම් දිනාගත්ත නිසා අද ඔවුන් ඒ තැන ඉන්නවා. ඔය රට පාවාදීල එහෙ දේශපාලන රැකවරණය අරන් ජීවත් වෙන පව් කාරයිනේ! මගේ මව් බිම මට සිය දහස්වාරයක් ඔය ප්‍රංශයට වඩා උතුම්. දන්නේ නැත්තම් ඉගෙනගන්න ප්‍රංශේ ජාතිවාදයෙන් උන්මාද වුනු ජාතියක්, ගැහැනුන්ට ඡන්ද බලය ලැබිල තවම අවු: 50යි , ගැහැනුන් 5න් 1ක් තවම පිරිමින්ගෙන් ගුටිකනව. කාමය සහ මත් ද්‍රව්‍ය රට බිලි අරගෙන ඉවරයි, විරැකියාව 10.5%යි, හිටිය හැම දේශපාලකයෙකුම වගේ කරපු මගඩි වලට උසාවි ලැග්ග. ලෝකේ ත්‍රස්තවාදයට කෙලින්ම හෝ අනියම්ව සම්බන්ධයි....තව ඕනෙද. මිලින්ද රජු කිව්වා වගේ " අහෝ බඩක් නිසා රටක් නසින හැටි" තමයි මටත් කියන්න තියෙන්නේ. (බ)

:       0       0

අල්විස් Sunday, 28 December 2014 07:28 AM

ඔය ජාතිමාමකයෝ රටින් ගිය නිසා තමයි රට ඔහොමවත් බේරුනේ (බ)

:       0       0

නිකලස් පැරිසිය Friday, 26 December 2014 04:25 PM

පුෂ්පසිරි මහත්මයා, ප්‍රංසයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සියලුම කරදර වලදී ඒ අයට උදවුවිමට පළමුවම පැමිණෙන අවංක හිතවතා ඔබතුමා බව අපි හොඳින්ම දනිමු. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

රෆා නගරයට ඊශ්‍රායල ප්‍රහාර: ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි
2024 මැයි මස 28 145 0

ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, රෆා නගරයට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය


බෝම්බ බියකින් ඉන්දීය ගුවන් යානයක් කැලඹේ
2024 මැයි මස 28 1301 0

නවදිල්ලි අගනුවර සිට වරණාසි දක්වා පියාසර කිරීමට සූදානම් වූ ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ බියක් හටගත්තේය. එම බෝම්බ බිය හේතුවෙන් ගුවන් ගමන අවලංගු කෙරුණි.


ඇමෙරිකාවේ ප්‍රාන්ත සුළි කුණාටුවලින් කැලඹේ
2024 මැයි මස 28 90 0

ඇමෙරිකාවේ, මධ්‍යම සහ දකුණුදිග ජනපද කීපයක් හරහා හමා ගිය ප්‍රචණ්ඩ ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන්, 21 දෙනකු මියගිය බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා ව


තලෙබාන් සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරනවා
2024 මැයි මස 28 77 0

ඇෆ්ගන් තලේබාන් සංවිධානය තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බව රුසියාව පවසයි. 2021 දී, ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු, තලේබාන් සංවිධානය යළි ඇෆ්ග


ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා
2024 මැයි මස 27 188 0

ජනාධිපති ඊබ්‍රහීම් රයිස් අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 35 ක් මරුට
2024 මැයි මස 27 159 0

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ, රෆා නුවරට නුදුරින් රෆා පළාතේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 997 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2558 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2189 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site